2025 Ballon d’Or සම්මාන රාත්‍රිය අද (23) අලුයම ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණා.
මෙහි දී ප්‍රංශයේ Ousmane Dembele සහ ස්පාඤ්ඤයේ Aitana Bonmati විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සහ Paris Saint-Germain ක්‍රීඩා සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන Ousmane Dembele විසින් ගෙවුණු වසරේ දී දැක්වූ සුවිශේෂී දක්ෂතා සඳහා මෙම සම්මානය දිනා ගත් අතර, ඔහු ප්‍රමුඛ PSG කණ්ඩායම නිමා වූ Champions League තරග වාරයේ දී පළමු වරට ශූරතාව හිමි කර ගැනීමට ද සමත් වුනා.
මේ අතර Dembeleට පමණක් දෙවැනි වූ 18 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක Lamine Yamal ද ඊයේ සම්මාන රාත්‍රියේ දී කැමරා කාචයේ වැඩි ඉඩක් හිමි කර ගත්තා. කෙසේ වෙතත් වසර ගණනක් මුළුල්ලේ විවිධ ආබාධ තත්ව නිසා අපහසුතාවට ලක් වෙමින් සිටි Dembele මෙවර සිය උපරිම දක්ෂතා සමඟ මෙම සම්මානය හිමි කර ගැනීම පාපන්දු රසිකයින් බහුතරයක් අමන්දානන්දයට පත් කර තිබෙනවා.
මේ අතර ස්පාඤ්ඤ සහ Barcelona මැද පෙළ ක්‍රීඩිකා Aitana Bonmati විසින් මෙවර Ballon d’Or සම්මානය දිනා ගත්තේ නොකඩවා තෙවැනි වරට වීම විශේෂත්වයක්. එවන් දස්කමක් සිදු කළ ලොව පළමු පාපන්දු ක්‍රීඩිකාව බවට ද ඇය පත් වුනා. පිරිමි අංශයෙන් පවා එවන් දස්කමක් දක්වා තිබෙන්නේ Lionel Messi සහ Michel Platini ක්‍රීඩකයින් පමණයි.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර එංගලන්ත පාපන්දු පුහුණුකාරිනී Sarina Wiegman විසින් වසරේ විශිෂ්ටතම පුහුණුකාරිනිය ලෙස සම්මාන දිනා ගන්නා අතරේ, PSG කණ්ඩායමේ Luis Enrique වසරේ විශිෂ්ටතම පුහුණුකරු බවට සම්මාන දිනා ගැනීමට සමත් වුනා.
මේ අතර එංගලන්තය සහ Chelsean දැල් රකින්නිය වන Hannah Hampton වසරේ විශිෂ්ටතම දැල් රකින්නිය ලෙස සම්මාන දිනා ගන්නා අතරේ, ඉතාලි ක්‍රීඩක Gianluigi Donnarumma වසරේ විශිෂ්ටතම දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.
- වසරේ විශිෂ්ටතම පිරිමි පාපන්දු කණ්ඩායම – Paris Saint-Germain
- වසරේ විශිෂ්ටතම කාන්තා පාපන්දු කණ්ඩායම – Arsenal
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>