
කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 660ක ඉලක්කයක් ලබා දුන් සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම තෙවැනි දිනය (28) නිමා වේ දී කඩුලු 2ක් දැවී 24ක් පමණක් ලබා දී අසරණ කළහ.
නවසීලන්තය දැනටමත් ලකුණු 305ක් ඉදිරියෙන්
ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි …
ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් ලකුණු 636ක් ලබා ගත යුතුය. ඒ සඳහා ඔවුන් සතුව ඇති වත්කම කඩුලු 8ක් පමණක් වන අතර තවත් දින දෙකක් ම ඉන් සෑහීමකට පත් විය යුතුය.
තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට නවසීලන්තයේ ටොම් ලේතම් පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටි අතර ඔහු අද තම ටෙස්ට් තරග පිටියේ 8 වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.
පන්දු 370කට මුහුණ දී හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 176කි. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ශ්‍රී ලංකාවට එරෙහි හොඳම ඉනිම වන අතර පෞද්ගලික තෙවැනි ස්ථානයට පත් ඉනිමයි.
රොස් ටේලර් පෙර දිනයේ පන්දු 27කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටි අතර අද ඔහු ලහිරු කුමාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට ලකුණු 40ක් ලබා සිටියේ ය. පන්දු 44කට මුහුණ දුන් ඔහු තම ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත් කරගෙන සිටියේ ය.
ශ්‍රී ලංකාව සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නිකුත් වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින ….
ටොම් ලේතම් සහ රොස් ටේලර් අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 58කි.
ටොම් ලේතම් ශතකය වාර්තා කර ටික වේලාවකට පසුව තරගය දිවා විවේකය වෙනුවෙන් නතර කෙරුණ අතර ඒ වෙද්දී නවසීලන්තය ලකුණු පුවරුව 327ක් ලෙසින් සටහන් විය. දිවා විවේකයත් තේ විවේකයත් අතර දැවී ගිය පිතිකරු වූයේ ටොම් ලේතම් ය. තේ විවේකය වන විට ලකුණු පුවරුව 461ක් ව තිබුණේ කඩුලු 4ක් බිඳ වැටෙමිණි.
නවසීලන්ත ඉනිමේ අනෙක් ශතකලාභියා වූයේ හෙන්රි නිකොල්ස් ය. ඔහු පන්දු 225කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 162ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟින් ඉනිම අත්හිටුවන විට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 45ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගෙන සිටියේ ය. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 124කි.
ලකුණු 659ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණක්ව පවතිද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ දිමුත් කරුණාරත්නගේ (0) කඩුල්ල දවා ගනිමිනි. අනතුරුව යැවුණ පන්දු වාරයේ දී අනෙක් ආරම්භක පිතිකරු වූ දනුෂ්ක ගුණතිලක (04) තම කඩුල්ල අහමි කර ගත්තේ ය.
මේ වන විට නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 6ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටී. දැවී ගිය කඩුලු 2ක ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති සතු විය.
හෙට (29) තරගයේ තෙවැනි දිනයයි.
නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50) රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (41) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 33, රොෂේන් සිල්වා 21, ට්‍රෙන්ට් බෝල්ට් 6/30, ට්ටිම් සවුති 3/35
නවසීලන්තය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 585 (153) ජීට් රාවල් 74, ටොම් ලේතම් 176, කේන් විලියම්සන් 48, රොස් ටේලර් 40, හෙන්රි නිකොල්ස් නොදැවී 162, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී 71, ලහිරු කුමාර 2/134
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 24 (14) දිනේෂ් චන්දිමාල් නොදැවී 14
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















