ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි

2
Sri Lanka Women's Tour Of Bangladesh 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතයි.

එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී ක්‍රියාත්මක වීමට නියමිත මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වය බැගින් අන්තර්ගත වනු ඇති.

තරග කාලසටහන;

එක්දින තරගාවලිය

  • පළමු එක්දින තරගය – අප්‍රේල් 20
  • දෙවැනි එක්දින තරගය – අප්‍රේල් 22
  • තෙවැනි එක්දින තරගය – අප්‍රේල් 25

විස්සයි විස්ස තරගාවලිය

  • පළමු විස්සයි විස්ස තරගය – අප්‍රේල් 28
  • දෙවැනි විස්සයි විස්ස තරගය – අප්‍රේල් 30
  • තෙවැනි විස්සයි විස්ස තරගය – මැයි 02

තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 17 වැනි දා බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිතයි.

මෙම ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<