ශ්‍රී ලංකා යෞවනියෝ තෙවැනි තරගයත් ජය ගනී

Malaysian National Women’s Team tour of Sri Lanka 2025

190

මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පිට පිට 3 වැනි තරගය ද ජයගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ තවත් තරගයක් තිබිය දී ම තරගාවලිය 3-0ක් ලෙසින් ජය ගැනීමට අද (5) සමත් වෙනවා.  

කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ඔවුන් ලකුණු 118ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නේ තරගය අවසන් වීමට තවත් පන්දු 37ක් ද ඉතිරි ව තිබියදීයි.   

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යෞවනීයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 116ක් ලබා ගන්නා අතර සංචාරක මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩිකාවන්ගේ ඉනිම ලකුණු 48ක සීමා කරමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙනවා.  

පළමුවෙන්ප න්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ විමෝක්ෂා බාලසූරිය. ඇය පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. ඇයත් සමඟ ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 13ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 13ක් වැය කළ අතර හයේ පහරක් සහ හතරේ පහරක් ඊට ඇතුලත් කළ අතර ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා.

ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ද, ශෂිනි ගිම්හානි පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පරහක් සමඟින් ලකුණු 20ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Nur Dania ලකුණු 20කට කඩුලු 3ක් ද සහ Ainna Hamizah, Aisya Elwwsa සහ  Irdina Beh Nabil කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියානු ඉනිම පන්දු 83ක් තුළ අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. එහි දී පන්දු 17ක් පමණක් යැවූ අසේනි තලගුණේ ලකුණු 10කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව චමෝදි ප්‍රබෝධා ලකුණු 9කට කඩුලු 2ක් ද, මිතාලි අයෝද්‍යා සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් ද දවා ගන්නවා.  

මැලේසියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනී Aina Najwa. ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා. ඊට අමතර ව අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා වයස අවුරුදු19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 166 (20.0) විමෝක්ෂා බාලසූරිය 62, රශ්මිකා සෙව්වන්දි 38, ශෂිනි ගිම්හානි 20, Nur Dania 3/20 
  • මැලේසියා ජාතික කාන්තා ක්‍රිකට්ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 48 (13.5) Aina Najwa 13, චමෝදි ප්‍රබෝධා 2/09, අසේනි තලගුණේ 5/10 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 118ක ජයක්.  

දෙරට අතර පැවැත්වෙන 4 වැනි විස්සයි විස්ස තරගය නොවැම්බර් 7 වැනිදා පෙරවරු 10.00 සිට කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<