ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද (6) සිට ආරම්භ වීමට නියමිතයි.
තරග කාලසටහන
මාර්තු මස 6 – 8
- Police SC සහ BRC අතර තරගය කොළඹ CCC පිටියේ දී.
- CCC සහ NCC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
- Colts CC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC සහ ACE Capital CC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
මාර්තු මස 13 – 15
- NCC සහ Police SC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC සහ CCC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- ACE Capital CC සහ Colts CC අතර තරගය කොළඹ CCC පිටියේ දී.
- Moors SC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
මාර්තු මස 20 – 22
- Police SC සහ Moors SC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- CCC සහ ACE Capital CC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
- Colts CC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Bloomfield C & AC සහ NCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
මාර්තු මස 27 – 29
- ACE Capital CC සහ Police SC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Moors SC සහ CCC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- NCC සහ Colts CC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- BRC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට
- ගයාන් සහ සම්මු ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
- Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ
මෙම වටය සඳහා පෙර පැවැති තරගාවලියේ පළමු වටයේ දී A කාණ්ඩය නියෝජනය කරමින් Police SC, CCC, Colts CC සහ Bloomfield C & AC කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් ACE Capital CC, Moors SC, NCC සහ BRC කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා.
මේ එක් එක් කණ්ඩායමක් මෙම වටයට එක් වෙන්නේ තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 8 වටයට පිවිසි කණ්ඩායම් හා සමඟ පැවැති තරගවල ප්‍රසාද ලකුණු ද සමඟිනුයි.
ඒ අනුව සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය Moors SC කණ්ඩායම සතු වෙන අතර මෙම තරග නිමාවේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත් වෙනවා.
සුපිරි 8 වටයට සූදානම් වන කණ්ඩායම්වල ප්‍රසාද ලකුණු පුවරුව
| Teams | Mat | Won | Lost | Tied | Drown | NR | Points | |
| 1 | Moors SC | 3 | 1 | 0 | 0 | 2 | 0 | 31.75 |
| 2 | ACE Capital CC | 3 | 1 | 1 | 0 | 1 | 0 | 25.605 |
| 3 | CCC | 3 | 0 | 0 | 0 | 3 | 0 | 25.125 |
| 4 | Bloomfield C & AC | 3 | 1 | 0 | 0 | 2 | 0 | 23.605 |
| 5 | NCC | 3 | 0 | 0 | 0 | 3 | 0 | 20.405 |
| 6 | BRC | 3 | 0 | 1 | 0 | 2 | 0 | 19.44 |
| 7 | Police SC | 3 | 0 | 1 | 0 | 2 | 0 | 19.295 |
| 8 | Colts CC | 3 | 0 | 0 | 0 | 3 | 0 | 19.19 |
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















