මිලාන් පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කරයි

Major Club 03 Day League Tournament 2025

20
Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි සතියේ තරග ආරම්භ කරමින් අද (27) පැවැති තරගයක දී Moors කණ්ඩායම නියෝජනය කරන දකුණතින් මඳ වේග පන්දු යවන මිලාන් රත්නායක තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔහු ACE Capital කණ්ඩායමට එරෙහි ව ලකුණු 26කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා. මේ අතර අද දවසේ දී ශතක 3ක් ද ලකුණු පුවරුවලට එක් වුණා.

ඒ අතුරින් වඩාත් කැපී පෙණුනේ CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ සහ කමිඳු මෙන්ඩිස් Colts කණ්ඩායමට එරෙහි ව වාර්තා කළ ශතක ද්විත්වය. එහි දී  ලසිත් කෲස්පුල්ලේ පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 155ක් ද සහ කමිඳු මෙන්ඩිස් පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 323ක දී ලකුණු 267ක සබඳතාවක් ද ගොඩ නගනවා.

අද තරගයේ දී ලසිත් කෲස්පුල්ලේ රැස් කරන්නේ තම පළමු පෙළ තරගයේ දී වාර්තා කරන ලද 10 වැනි ශතකය වන අතර කමිඳු මෙන්ඩිස් රැස් කරන්නේ තම පළමු පෙළ තරගවල 19 වැනි ශතකයයි.

ඊට අමතර ව Bloomfield කණ්ඩායමේ ජනිත් ලියනගේ Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 107ක් ලබා ගන්නවා. එය ඔහුගේ 82ක් වන පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.

ඔවුන්ට අමතර ව Kurunegala Youth කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ (74), Chilaw Marians කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් (53) සහ කසුන් විදුර (නොදැවී 89), Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා (78), ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ (54), රනේෂ් සිල්වා (61) සහ රවීන් ද සිල්වා (68) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී මිලාන් රත්නායකට අමතර ව NCC කණ්ඩායමේ කවිඳු පතිරත්න ද දක්ෂතා දක්වනවා. ඔහු Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 23ක හොඳම පන්දු යැවීමයි.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Nugegoda S & WC  අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Bloomfield C & AC පළමු ඉනිම සියලුම දෙනා දැවී 320 (85.2) මිනෙත් ප්‍රේමරත්න 31, රොන් චන්ද්‍රගුප්ත 32, ජනිත් ලියනගේ 107, රවිඳු ප්‍රනාන්දු 38, ලහිරු මදුශංක 41, දුවිඳු තිලකරත්න නොදැවී 20, අනුක් ප්‍රනාන්දු 3/40, මධුක ලියනපතිරණගේ 3/70, සුවත් මෙන්ඩිස් 2/35
  • Nugegoda S & WC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 12 (4.0)

Nugegoda කණඩායම තවත් ලකුණු 308ක් පිටුපසින්.

Chilaw Marians CC සහ Panadura SC  අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Panadura SC

  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 259 (82.2) ලසිත් ලක්ෂාන් 53, සම්මු අශාන් 24, කසුන් විදුර නොදැවී 89, උදයවංශ පරාක්‍රම 30, තික්ෂිල ද සිල්වා නොදැවී 24, අසංක මනෝජ් 2/61, මහිත් පෙරේරා 2/16

CCC සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – CCC

B කාණ්ඩය

NCC සහ Kurunegala Youth CC   අතර තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 217 (70.0) ධනුශ්ක ධර්මසිරි 21, ඩිල්හාර පොල්ගම්පළ 34, ලක්ෂාන් එදිරිසිංහ 74, දිනුෂ්ක මාලන් 32, කවිඳු පතිරත්න 5/48, ලහිරු කුමාර 3/25
  • NCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 22 (8.0)

NCC තවත් ලකුණු 195ක් පිටුපසින්.

Baduraliya SC සහ  BRC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

  • Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 209 (81.0) ඩිල්ශාන් ද සොයිසා 78, රොස්කෝ තට්ටිල් 40, විනුර දුල්සර නොදැවී 44, අලංකාර අසංක නොදැවී 26, මොහොමඩ් ශිරාස් 3/45, සහන් අදීශ අප්පුහාමි 2/39,

ACE Capital CC සහ Moors SC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Moors SC

  • ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 252 (82.3) පවන්ත වීරසිංහ 54, රනේෂ් සිල්වා 61, රවීන් ද සිල්වා 68, ඉසිත විජේසුන්දර 23, ශිරාන් ප්‍රනාන්දු 2/57, මිලාන් රත්නායක 6/26
  • Moors SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 4 (3.0)

Moors කණඩායම තවත් ලකුණු 248ක් පිටුපසින්.

මෙම තරගය සියල්ල ම හෙට (28) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<