අශේන් බණ්ඩාර සහ මැතිව්ස් සුවිශේෂී කඩඉම්වලට

Major Club 03 Day League Tournament 2025

5
Major Club 3 Day Tournament 2025/26 - 20th Dec

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 3 වැනි සතියේ 2 වැනි දිනයේ (20) දී අශේන් බණ්ඩාර සහ ඇන්ජලෝ මැතිව්ස් සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට සමත් වුණා.

ඒ අතුරින් පෙර දිනයේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ලකුණු 121ක් ලබා සිටිය දී ඉනිම හැර ගිය Police කණඩායමේ නායක අශේන් බණ්ඩාර අද නැවත පිටියට පිවිසෙමින් තම එක්දින තරග ඉතිහාසයේ මංගල ද්විත්ව ශතකය ලබා ගත්තා. Chilaw Marians කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දී ඔහු පන්දු 235කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 200ක් ලබා ගත්තා.

මේ අතර Colts කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස් අද තම පළමු පෙළ 303 වැනි ඉනිමට ක්‍රීඩා කරමින් ලකුණු 13 000 කඩඉමට පිවිසියා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Bloomfield කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 96ක් ලබා ගනිමින්.

ඔවුන් දෙදෙනාට අමතර ව Kurunegala Youth කණ්ඩායමේ ලක්ශාන් එදිරිසිංහ Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 85ක 8 වැනි ශතකයයි.

දිනයේ දක්ෂතා දැක් වූ අනෙකුත් පිතිකරුවන් අතර Colts කණ්ඩායමේ සංගීත් කුරේ (52), Police කණඩායමේ හිමේෂ් රාමනායක (70), Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත් (නොදැවී 80), Moors කණ්ඩායමේ සදීර සමරවික්‍රම (58), BRC කණ්ඩායමේ හේෂාන් ධනුශ්ක (නොදැවී 68) සහ සමින්ද ප්‍රනාන්දු (නොදැවී 68), Tamil Union කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් (59) සහ Kurunegala Youth කණ්ඩායමේ ගයන වීරසිංහ (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීමේ ගෞරවය Bloomfield කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩර්සේ සතු වුණා. ඔහු Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 88කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව Chilaw Marians කණ්ඩායමේ ඉරුෂ්ක තිමිර (5/172) සහ Nugegoda කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු (5/44) ද පන්දු යවන්නන් අතර කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Colts CC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Bloomfield C & AC පළමු ඉනිම සියලුම දෙනා දැවී 233 (77.0) මිනෙත් ප්‍රේමරත්න 20, රොන් චන්ද්‍රගුප්ත 42, ජනිත් ලියනගේ 56, රවිඳු ප්‍රනාන්දු 28, ලහිරු මදුශංක 39, උදිත් මදුශාන් 4/43, අකිල ධනංජය 2/52, මුදිත ලක්ෂාන් 2/18
  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (77.2) රවිඳු රසාන්ත 32, සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 96, ශෙරාන් ෆොන්සේකා 22, අකිල ධනංජය 20, රවිඳු ප්‍රනාන්දු 3/60, ජෙෆ්රි වැන්ඩර්සේ 6/88
  • Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (6.0)

Bloomfield කණ්ඩායම තවත් ලකුණු 45ක් පිටුපසින්.

Police SC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Chilaw Marians CC

  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 477 (115.2) ප්‍රියමාල් පෙරේරා 69, අශේන් බණ්ඩාර 200, විශාද් රන්දික 41, චතුරංග කුමාර 46, හිමේෂ් රාමනායක 70, ඉරුෂ්ක තිමිර 5/172, මෙලන් හංසක 3/158, නිම්සර අතරගල්ල 2/68
  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 147 (62.0) තනුක දාබරේ 30, සකුණ ලියනගේ 34, හර්ෂ කුරේ නොදැවී 31, හිමේෂ් රාමනායක 2/39, දිලුම් සුදීර 3/45

Chilaw Marians කණ්ඩායම තවත් ලකුණු 330ක් පිටුපසින්.

Panadura SC සහ Nugegoda S & WC අතර තරගය කුරණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Nugegoda S & WC

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (48.4) දුශාන් විමුක්ති 44, සසිඳු මල්ශාන් 22, අබ්දුල් හකම් 2/39, අනුක් ප්‍රනාන්දු 5/44, ලොහාන් ද සොයිසා 3/17
  • Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 228 (81.3) මධුක ලියනපතිරණ 42, තිලකරත්න සම්පත් නොදැවී 80, කෙවින් පෙරේරා 40, පැතුම් කුමාර නොදැවී 37, දුශාන් විමුක්ති 2/56

Nugegoda කණ්ඩායම ලකුණු 110ක් ඉදිරියෙන්.

B කාණ්ඩය

NCC සහ Moors SC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Moors SC

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (82.1) කමිල් මිෂාර 38, අහන් වික්‍රමසිංහ 97, කවින් බණ්ඩාර 79, චාමික කරුණාරත්න 46, සංතුශ් ගුණතිලක 2/62, රමේෂ් මෙන්ඩිස් 3/110, ප්‍රවීන් ජයවික්‍රම 3/56
  • Moors SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 261 (78.0) සදීර සමරවික්‍රම 58, ජනිශ්ක පෙරේරා 36, සිතාර ගිම්හාන් 39, රමේෂ් මෙන්ඩිස් 47, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 20, මිලාන් රත්නායක නොදැවී 29, චාමික ගුණසේකර 2/27, අශේන් ඩැනියෙල් 2/66

Moors කණ්ඩායම තවත් ලකුණු 35ක් පිටුපසින්.

Tamil Union C & AC සහ   BRC අතර තරගය සූරියවැව, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – BRC

  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 309 (84.3) නවෝද් පරණවිතාන 41, සිනෙත් ජයවර්ධන 27, ශාරුජන් ශන්මුගනාදන් 24, විශස් තෙව්මික 32, සචිත ජයතිලක 43, ලහිරු සමරකෝන් 31, විජයකාන්ත් වියස්කාන්ත් 59, මොහොමඩ් ශිරාස් 3/67, යසිරු රොද්‍රිගෝ 2/67, මොවින් සුබසිංහ 2/60, ශෂික දුල්ශාන් 2/50
  • BRC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 142 (52.0) හේෂාන් ධනුශ්ක නොදැවී 68, සමින්ද ප්‍රනාන්දු නොදැවී 68

BRC කණ්ඩායම තවත් ලකුණු 167ක් පිටුපසින්.

Kurunegala Youth CC සහ Baduraliya CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (76.5) රොශාන් විජේනායක 50, රුමේෂ් බුද්ධික 76, විනුර දුල්සර 37, දිනුශ්ක මාලන් 2/50, චාමිකර එදිරිසිංහ 5/77, ගයන වීරසිංහ 3/08
  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (90.2) දිල්හාර පොල්ගම්පළ 31, ලක්ශාන් එදිරිසිංහ 116, ගයන වීරසිංහ 52, සමීර සඳමාල් 34, බුද්ධික සංජීව 4/80, චානක කොමසාරු 4/58
  • Baduraliya CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 25 (8.0)

Baduraliya කණ්ඩායම තවත් ලකුණු 59ක් පිටුපසින්.

මෙම තරග සියල්ල ම හෙට (21) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<