මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට

Major Club 03 Day League Tournament 2025

5
Major Club 03 Day League Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දිනයේ දී තම පළමු පෙළ තරග දිවියේ 1000 වැනි කඩුල්ල වාර්තා කිරීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වුණා.

Baduraliya කණ්ඩායම නියෝජනය කරන ඔහු අද (19) පෙරවරුවේ මෙම දක්ෂතාව සිදු කරන්නේ තම 173 වැනි තරගයට සහභාගී වෙමිනුයි. ඒ සමඟින් ඔහු Moors කණ්ඩායම සමඟ තරගයේ දී ලකුණු 137කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර අද දිනයේ දී ශතක ත්‍රිත්වයක් වාර්තා වූවා. ඒ අතුරින් Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත දිනයේ ඉහළ ම දක්ෂතාව දැක් වූ පිතිකරු බවට පත් වුණා. ඔහු Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 29ක 4 වැනි ශතකයයි.

ඊට අමතර ව BRC කණ්ඩායමේ රිසිත් උපමාල් NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.

Chilaw Marians කණ්ඩායමේ කසුන් විදුර ද Bloomfield කණ්ඩායමට එරෙහි ව පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 110ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 99ක 4 වැනි ශතකයයි.

ඔවුන්ට අමතර ව Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (59), Colts කණ්ඩායමේ මුදිත ලක්ෂාන් (51) සහ සනෝජ් දර්ශික (නොදැවි 51), Moors කණ්ඩායමේ ෂෙහාන් ප්‍රනාන්දු (65) සහ Ace Capital කණ්ඩායමේ කවිඳු අමන්ත (62) සහ රවීන් ද සිල්වා (50) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Baduraliya කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ කේශර නුවන්ත සමත් වුණා. ඔහු 2 වැනි ඉනිමේ දී ලකුණු 71කට කඩුලු 7ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වූවා. ඊට අමතර ව ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 65කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 136කට කඩුලු 12ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවිම බවට ද පත් වුණා.

පන්දු යැවීමේ දී කේශර නුවන්තට අමතර ව NCC කණ්ඩායමේ ශක්ති උදාර (6/98) සහ Ace Capital කණ්ඩායමේ වනුජ සහන් (5/43) ද දක්ෂතා දැක් වූවා.

පළමු සතියේ අවසන් දිනයේ දී Baduraliya සහ Ace Capital කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (89.0) රොන් චන්ද්‍රගුප්ත 34, හසිත අමරසිංහ 46, අසිත වන්නිනායක 22, නිපුන් කරුණානායක 56, රවිඳු ප්‍රන්නාදු 40, ලහිරු මදුශංක 24, තරින්ද ගුරුගේ 21, දුවිඳු තිලකරත්න නොදැවී 31, තික්ෂිල ද සිල්වා 3/55, චලන ද සිල්වා 3/74, මෙලන් හංසක 2/61
  • Chilaw Marians CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 402 (81.0)තනුක දාබරේ 87, තරිඳු අමරසිංහ 88, සම්මු අශාන් 33, කසුන් විදුර නොදැවී 110, තරිඳු ගුරුගේ 2/53, රවිඳු ප්‍රනාන්දු 4/145
  • Bloomfield C & AC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 165 (40.0)රොන් චන්ද්‍රගුප්ත 59, අසිත වන්නිනායක නොදැවී 41, රවිඳු ප්‍රනාන්දු 48, සම්මු අශාන් 2/28

තරගයේ විසඳුමක් නෑ. (Chilaw Marians කණ්ඩාමට පළමු ඉනිමේ ජය.)

Panadura SC සහ Colts CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (78.0)රවිඳු රසාන්ත 61, දිනේෂ් චන්දිමාල් 144, මුදිත ලක්ෂාන් 62, අසංක මනෝජ් 2/91, දුශාන් හේමන්ත 6/75
  • Panadura SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 148 (50.0)ඔෂද ප්‍රනාන්දු 42, විශ්ව චතුරංග 34, සසිඳු මල්ශාන් නොදැවී 20, කවිශ්ක අංජුල 2/28, අකිල ධනංජය 7/39
  • Colts CC– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 402 (100.0)රවිඳු රසාන්ත 126, සංගීත් කුරේ 69, දිනේෂ් චන්දිමාල් 47, මුදිත ලක්ෂාන් 51, සනෝජ් දර්ශික නොදැවි 42
  • Panadura SC– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 61 (17.0)ඔෂද ප්‍රනාන්දු නොදැවී 26, ඉරෝෂ් සමරසූරිය නොදැවී 32

තරගයේ විසඳුමක් නෑ. (Colts කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

CCC සහ Police SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

  • CCC– පළමු ඉනිම කඩුලු 6ක් දැවී 482 (136.5) ලසිත් කෲස්පුල්ලේ 34, අංජල බණ්ඩාර නොදැවී 200, සහන් කෝසල 46, සොනාල් දිනූෂ 121, චමිඳු විජේසිංහ 33, හිමේෂ් රාමනායක 2/60, නලින් ප්‍රියදර්ශන 2/155
  • Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (110.2)ධනුජ ඉඳුවර 49, දුලාශ් උදයංග 22, හිමේෂ් රාමනායක 30, නලින් ප්‍රියදර්ශන 22, නිපුන් ප්‍රේමරත්න 38, දුවිඳු රණතුංග 2/71, නිශාන් පීරිස් 3/69, සොනාල් දිනූෂ 3/49
  • CCC– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 28 (3.0)

තරගයේ විසඳුමක් නෑ. (CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

B කාණ්ඩය

Baduraliya SC සහ Moors SC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 486 (133.4)සඳුන් වීරක්කොඩි 44, ලහිරු දවටගේ 32, රොෂාන් විජේනායක 53, ගීත් කුමාර 185, සුමින්ද ලක්ෂාන් 66, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 41, ටිලංග උදේශන 3/90, චානුක ඩිල්ශාන් 5/81
  • Moors SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (70.2)දිනුක ඩිල්ශාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ද ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර 46, රමේෂ් මෙන්ඩිස් 36, තිලාන් ප්‍රශාන් 22, මාලින්ද පුෂ්පකුමාර 4/90, කේශර නුවන්ත 5/43
  • Moors SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 172 (49.4)රමේෂ් මෙන්ඩිස් 41, ෂෙහාන් ප්‍රනාන්දු 65, මාලින්ද පුෂ්පකුමාර 3/47, කේශර නුවන්ත 7/71

Baduraliya කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 46ක ජයක්.

BRC සහ NCC අතර තරගය මග්ගොන, Surrey Village   ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

  • BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 396 (101.1)හෂාන් දුමිඳු 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මදුවන්ත 30, රමින්ද විජේසූරිය 70, මොවින් සුබසිංහ 36, මොහමඩ් ශිරාස් 21, සම්පත් නිශ්ශංක 2/62, ශක්ති උදාර 3/122
  • NCC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (84.1)නිරෝෂන් දික්වැල්ල 65, ලහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 63, සහන් ආරච්චිගේ 29, චාමික කරුණාරත්න නොදැවී 56, කවිඳු පතිරත්න 35, මර්වින් අබිනාශ් 7/112, ශෂික දුල්ශාන් 2/92
  • BRC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 300 (64.1)ප්‍රමෝද් මදුවන්ත 111, මොවින් සුබසිංහ 90, මුර්වින් අබිනාශ් 30, අශේන් ඩැනියෙල් 3/70, ශක්ති උදාර 6/98
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 16 (3.4)

තරගයේ විසඳුමක් නෑ. (BRC කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)

Ace Capital CC සහ Tamil Union C & AC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ace Capital CC

  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (68.3)කවිඳු අමන්ත 36, රවීන් ද සිල්වා නොදැවී 62, ඉසිත විජේසුන්දර 35, තරිඳු රත්නායක 5/76, තීසාන් විතුසාන් 3/42
  • Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (26.0)සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 103, තරිඳු රත්නායක 31, විජයකාන්ත් වියස්කාන්ත් 31, රොෂාන් ජයතිස්ස 4/103, වනුජ සහන් 4/119
  • Ace Capital CC– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 280(72.0) කවිඳු අමන්ත 62, රනේෂ් සිල්වා 48, රවීන් ද සිල්වා 50, ඉසිත විජේසුන්දර 41, රොෂාන් ජයතිස්ස නොදැවී 19, තරිඳු රත්නායක 4/129, තීසාන් විතුශාන් 2/78
  • Tamil Union C & AC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 122 (31.0)තරිඳු රත්නායක 28, රොෂාන් ජයතිස්ස 3/50, වනුජ සහන් 5/43

Ace Capital කණ්ඩායමට ලකුණු 52ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<