ලොව බලගතුම සහ ආකර්ශනීය ම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර පසුගියදා නිමා වෙන්නේ Royal Challengers Bengaluru හෙවත් RCB කණඩායමේ මංගල ජයග්‍රහණය සනිටුහන් කරමින්.
ඔවුන් මීට පෙර 2009 වසරේ Anil Kumble ගේ නායකත්වය යටතේ ද, 2011 වසරේ Daniel Vettori ගේ නායකත්වය යටතේ ද සහ 2016 වසරේ Virat Kohli ගේ නායකත්වය යටතේ ද අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්ත ද එම කඩඉම සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වෙන්නේ නැහැ.
මෙවර මෙම තරගාවලිය සඳහා Royal Challengers Bengaluru කණ්ඩායම එක් වෙන්නේ Rajat Patidar ගේ නායකත්වයෙන් යුතුවයි. ඔවුන් තරගාවලියේ දී මුහුණ දෙන තරග 15 දී තරග 2ක දී නායකත්වය Jitesh Sharma විසින් ද ලබා දෙනවා.
- Royal Challengers Bengaluru කණ්ඩායමේ නායකයන්ගේ පෙළ ගැස්ම
Player | Country | Span | Mat | Won | Lost | Tied | NR | |
1 | Rahul Dravid | ඉන්දියාව | 2008 | 14 | 4 | 10 | 0 | 0 |
2 | Kevin Pietersen | එංගලන්තය | 2009 | 6 | 2 | 4 | 0 | 0 |
3 | Anil Kumble | ඉන්දියාව | 2009 – 2010 | 35 | 19 | 16 | 0 | 0 |
4 | Daniel Vettori | නවසීලන්තය | 2011 – 2012 | 28 | 15 | 13 | 0 | 0 |
5 | Virat Kohli | ඉන්දියාව | 2011 – 2023 | 143 | 66 | 70 | 3 | 4 |
6 | Shane Watson | ඔස්ට්‍රේලියාව | 2017 | 3 | 1 | 2 | 0 | 0 |
7 | Faf du Plessis | දකුණු අප්‍රිකාව | 2022 – 2024 | 42 | 21 | 21 | 0 | 0 |
8 | Rajat Patidar | ඉන්දියාව | 2025 | 13 | 10 | 3 | 0 | 0 |
9 | Jitesh Sharma | ඉන්දියාව | 2025 | 2 | 1 | 1 | 0 | 0 |
මෙවර අනුශූර Punjab Kings කණ්ඩායම මීට පෙර 2014 වසරේ දී ඔස්ට්‍රේලියාවේ George Bailey ගේ නායකත්වය යටතේ අවසන් මහා තරගයක් සඳහා එක් වූ අතර එම අවස්ථාවේ දී ඔවුන්ට හිමි වූයේ අනුශූරතාව වන අතර මෙවර තරගාවලියේ දී එම කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ Shreyas Iyer වෙතයි.
තරගාවලියේ අවසාන මහා තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කමිඳු මෙන්ඩිස් ද මෙවර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිදුවීමක් වුනා.
Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කළ ඔහු Catch of the season හෙවත් තරගාවලියේ රැකගත් දක්ෂත ම උඩ පන්දුව වෙනුවෙන් වන සම්මානය දිනා ගත්තා.
ජයග්‍රාහී Royal Challengers Bengaluru කණ්ඩායම නියෝජනය කළ එක ම ශ්‍රී ලංකා ක්‍රීඩකයට බවට පත් වීමට නුවන් තුෂාර සමත් වෙනවා.
o අවසන් මහා තරගය, Narendra Modi Stadium, Ahmedabad, Indian Premier League
o Narendra Modi ක්‍රීඩාංගණය, Ahmedabad
o කාසියේ වාසිය – Punjab Kings
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Royal Challengers Bengaluru කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Virat Kohli. ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා.
ඔහු සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී 2 වැනි කඩුල්ල වෙනුවෙන් Mayank Agarwal (24) සමඟ පන්දු 28ක දී ලකුණු 38ක් ද, 3 වැනි කඩුල්ල වෙනුවෙන් නායක Patidar (26) සමඟ පන්දු 27ක දී ලකුණු 40ක් ද සහ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් Liam Livingstone (25) සමඟ පන්දු 24ක දී ලකුණු 35ක සබඳතාවන් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී Arshdeep Singh සහ Kyle Jamieson කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර Vijaykumar Vyshak, Azmatullah Omarzai සහ Yuzvendra Chahal කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Punjab Kings කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 184ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට Shashank Singh සමත් වෙනවා. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Josh Inglis පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Krunal Pandya සහ Bhuvneshwar Kumar කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Yash Dayal, Romario Shepherd සහ Josh Hazlewood කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Royal Challengers Bengaluru – කඩුලු 9ක් දැවී 190 (20.0) Virat Kohli 43, Mayank Agarwal 24, Rajat Patidar 26, Liam Livingstone 25, Jitesh Sharma 24, Arshdeep Singh 3/40, Kyle Jamieson 3/48
- Punjab Kings – කඩුලු 7ක් දැවී 184 (20.0) Priyansh Arya 24, Prabhsimran Singh 26, Josh Inglis 39, Shashank Singh නොදැවී 61, Bhuvneshwar Kumar 2/38, Krunal Pandya 2/17
Royal Challengers Bengaluru කණ්ඩායමට ලකුණු 6ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – Krunal Pandya (RCB)
- තරගාවලියේ වීරයා – Suryakumar Yadav (MI)
තරගාවලියේ සුවිශේෂී කඩඉම්
286/6 : තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව Sunrisers Hyderabad කණ්ඩායම Rajasthan Royals කණ්ඩායමට එරෙහි ව Hyderabad, Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
528 : තරාගවලියේ කණ්ඩායම් දෙකක් එක් ව තරගයක දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව Sunrisers Hyderabad (286/6) කණ්ඩායම සහ Rajasthan Royals (242/6) කණ්ඩායම එක් ව Hyderabad, Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
110 runs : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම Sunrisers Hyderabad කණ්ඩායම. Kolkata Knight Riders කණ්ඩායමට එරෙහි ව Delhi, Arun Jaitley ක්‍රීඩාංගණයේ දී.
24 (b 2, lb 7, nb 1, w 14) : තරගාවලියේ තරගයක දී වැඩිම අතිරේක ලකුණු ලබා දුන් කණ්ඩායම Kolkata Knight Riders කණ්ඩායම. Delhi, Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැති Sunrisers Hyderabad කණ්ඩායම හා තරගයේ දී.
759 : තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා Gujarat Titans කණ්ඩායමේ 23 වැනි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු Sai Sudharsan. ඔහු මෙම තරගාවලියේ දී Delhi Capitals කණ්ඩායමට එරෙහි ව පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 108ක් සහ තවත් අර්ධ ශතක 6ක් සමඟින් තරග 15ක දී මෙම දක්ෂතාව දක්වනවා.
88x4s : මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ද තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් Sai Sudharsan.
40x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Lucknow Super Giants කණ්ඩායමේ 29 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Nicholas Pooran.
- තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 5 දෙනා
Player | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | Sai Sudharsan (GT) | 15 | 15 | 1 | 759 | 108* | 54.21 | 1 | 6 | 88 | 21 |
2 | Suryakumar Yadav (MI) | 16 | 16 | 5 | 717 | 73* | 65.18 | 0 | 5 | 69 | 38 |
3 | Virat Kohli (RCB) | 15 | 15 | 3 | 657 | 73* | 54.75 | 0 | 8 | 66 | 19 |
4 | Shubman Gill (GT) | 15 | 15 | 2 | 650 | 93* | 50.00 | 0 | 6 | 62 | 24 |
5 | Mitchell Marsh (LSG) | 13 | 13 | 0 | 627 | 117 | 48.23 | 1 | 6 | 56 | 37 |
- 2025 කාන්තා ලෝක කුසලානයේ දින සහ ක්‍රීඩාංගණ තහවුරුයි
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය සඳහා තරග නිලධාරි මඩුල්ල නම් කරයි
- IPL අත්හිටුවයි!
- රමේෂ් ලකුණු 5000 සහ කඩුලු 300 සමාජයට
141 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ Sunrisers Hyderabad කණ්ඩායමේ 24 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු Abhishek Sharma. Punjab Kings කණ්ඩායමට එරෙහි ව Hyderabad, Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 10ක් ද සමඟින් ඔහුගේ මෙම ඉනිම සමන්විතයි.
35 : තරගාවලියේ වේගවත්ම ශතකලාභියා වෙන්නේ Rajasthan Royals කණ්ඩායමේ14 වියැති වමත් පිතිකරු Vaibhav Suryavanshi. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Gujarat Titans කණ්ඩායමට එරෙහිවයි. මෙම ඉනිම සඳහා හතරේ පහර 7ක් සහ හයේ පහර 11ක් තම ඉනිමට ඇතුලත් කර ගන්නවා.
14 : තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකලාභියා වෙන්නේ Royal Challengers Bengaluru කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු Romario Shepherd. ඔහු මෙම කඩඉමට පිවිසෙන්නේ Chennai Super Kings කණ්ඩායමට එරෙහි ව හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියදීයි.
8x50s : තරගාවලියේ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Royal Challengers Bengaluru කණ්ඩායමේ Virat Kohli.
11x6s : තරගාවලියේ ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Rajasthan Royals කණ්ඩායමේ Vaibhav Suryavanshi. ඔහු මෙම දක්ෂතා සිදු කරන්නේ Gujarat Titans කණ්ඩායමට එරෙහිවයි.
116 : තරගාවලියේ හතරේ පහර සහ හයේ පහර එකතුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ Sunrisers Hyderabad කණ්ඩායමේ Abhishek Sharma. ඔහු මෙම දක්ෂතාව දැක් වීමේ දී Punjab Kings කණ්ඩායමට එරෙහි ව Hyderabad, Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 10ක් එල්ල කරනවා.
25 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ Gujarat Titans කණ්ඩායමේ 29 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යැවූ Prasidh Krishna. ඔහුගේ මෙම දක්ෂතාව තරග 15ක දී එක් කරන අතර Delhi Capitals කණ්ඩායමට එරෙහි ව Ahmedabad, Narendra Modi ක්‍රීඩාංගණයේ දී ලකුණු 41කට කඩුලු 4ක් දවා ගැනීම ඔහුගේ ඉහළ ම දක්ෂතාවයි.
- තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් 5 දෙනා
Player | Mat | Overs | Mdns | Runs | Wkts | Best | Econ | 4 | |
1 | Prasidh Krishna (GT) | 15 | 59.0 | 0 | 488 | 25 | 4/41 | 8.27 | 1 |
2 | Noor Ahmad (CSK) | 14 | 50.0 | 0 | 408 | 24 | 4/18 | 8.16 | 2 |
3 | Josh Hazlewood (RCB) | 12 | 44.0 | 0 | 386 | 22 | 4/33 | 8.77 | 1 |
4 | Trent Boult (MI) | 16 | 57.4 | 0 | 517 | 22 | 4/26 | 8.96 | 1 |
5 | Arshdeep Singh (PK) | 17 | 58.2 | 1 | 518 | 21 | 3/16 | 8.88 | 0 |
5/35 (3.4) : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දක්ෂතාව දක්වන්නේ Delhi Capitals කණ්ඩායමේ 35 හැවිරිදි වියේ පසුවෙන වමතින් වේග පන්දු යවන Mitchell Starc. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ Visakhapatnam හී පැවැති Sunrisers Hyderabad හා සමඟ තරගයේදීයි.
20 : තරගාවලියේ දවා ගැනීම් වැඩිම ප්‍රමාණයකට දායක වූ කඩුලු රකින්නා බවට පත් වූයේ Royal Challengers Bengaluru කණ්ඩායමේ Jitesh Sharma. ඔහුගේ මෙම දක්ෂතා අතර උඩ පන්දු රැකගැනීම් 19ක් සහ කඩුලු බිඳ දැමීම් 1ක් සටහන් වෙනවා.
13 : තරගාවලියේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Rajasthan Royals කණ්ඩායමේ Shimron Hetmyer.
205* : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව බවට පත් වෙන්නේ Gujarat Titans කණ්ඩායමේ Shubman Gill සහ Sai Sudharsan එක් ව Delhi Capitals කණ්ඩායමට එරෙහි ව පළමු කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් එක් වූ අතර තරගාවලිය තරග 74කින් සමන්විත වුණා. එහි දී හයේ පහර 1294ක්, හතරේ පහර 2245ක් සහ ශතක 9ක් සමඟ හැඩ ගැන්වුණ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර එලෙසින් අවසන් වෙද්දී ජයග්‍රණය සැමරුම් උත්සවයක් Bengaluru නුවර Chinnaswamy ක්‍රීඩාංගණයේ දී සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.
නමුත් එම උත්සවයේ දී පැවැති අධික තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් ඇති බවත් සහ තවත් පුද්ගලයන් 50 අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
Chinnaswamy ක්‍රීඩාංගණයේ එකවරකට පුද්ගලයන් 40 000කට පමණක් ඇතුලත් වීමේ ඉඩ-කඩ පැවැතියත් මෙම උත්සවයේ දී පුද්ගලයන් ලක්ෂ 3ක් 4ක් අතර පිරිසක් පැමිණ ඇතැයි එරට පොලිස් වාර්තා දක්වමින් මධ්‍ය තව දුරටත් වාර්තා කර තිබුණා.
එම අවාසනාවන්ත තත්ත්වයට පෙර මෙවර තරගාවලිය අතර මැද දී ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැති යුධමය වාතාවරණය හේතුවෙන් ද තරගාවලිය සතියක පමණ කාලයකට කල් දැමුණා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<