සති කිහිපයක ක්‍රීඩා සමාජ තරග උණුසුමෙන් පසුව පසුගිය දා ජාත්‍යන්තර තරග විවේකය ආරම්භ වුනා. 2020 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ තේරීම් තරග මෙන්ම FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලියේ තේරීම් තරග ද ජාත්‍යන්තර තරග විවේකය තුළ පැවැත්වීමට නියමිතයි.
Ronaldoගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්

7 වැනි මිනිත්තුවේ දී Ronaldo දඬුවම් පහරකින් ගෝලයක් වාර්තා කළ අතර පසුව 22 වැනි මිනිත්තුවේ දී හා 65 වැනි මිනිත්තුවේ දී ගෝල වාර්තා කරමින් ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කළා.
AC මිලාන් තරගය අතරතුර Ronaldoට තරහ යයි
Liverpool ප්‍රහාරයෙන් ප්‍රබල Manchester Cityට ………
Pizzi, Goncalo Paciencia හා Bernardo Silva ද පසුව ගෝල වාර්තා කළ අතර පෘතුගාලය පහසු ජයක් වාර්තා කරන්නට සමත් වුණා.
අවසන් ලකුණු තත්වය: පෘතුගාලය 06 – 00 Lithuania
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- පෘතුගාලය – Cristiano Ronaldo (7′ PEN, 22′, 65′) Pizzi (52′) Gonçalo Paciência (56′) Bernardo Silva (63′)
එංගලන්තයට දැවැන්ත ජයක්

මෙසීගේ ගෝල 3න් Barcelonaට ජය
ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග …….
Kaneගේ ගෝල ත්‍රිත්වයට පසුව Alex Oxlade-Chamberlain හා Marcus Rashford ද ගෝල වාර්තා කරන්නට සමත් වුනා. Aleksandar Sofranacගේ අවාසනාවන්ත Own Goal අවස්ථාවක් නිසා එංගලන්ත ලකුණු පුවරුව ගෝල 6-0ක් බවට පත් වූ අතර Tammy Abraham තරගය ගෝලයකින් අවසන් කළේ සිය මංගල ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින්. මේ එංගලන්තයේ 1000 වන ජාත්‍යන්තර පාපන්දු තරගය වූ අතර 1987න් පසුව වාර්තා වූ විශාලතම සත්කාරක ජයයි.
අවසන් ලකුණු තත්වය: එංගලන්තය 07 – 00 Montenegro
- එංගලන්තය – Oxlade-Chamberlain (11),H Kane (18, 24, 37),M Rashford (30),A Sofranac (66 og),T Abraham (84)
ප්‍රංශය අමාරුවෙන් ජය ගනියි

35 වැනි මිනිත්තුවේ දී ප්‍රංශය සිය පළමු ගෝලය වාර්තා කළා. Giroud ගෝල රකින්නා හට එල්ල කළ පීඩනය නිසා ඔහුට පන්දුව නිසි ලෙස ආරක්ෂා කරන්නට නොහැකි වූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් Raphael Varane තරගයේ ගෝල සම කළා.
Moldova ක්‍රීඩකයින් එම ගෝලයට එරෙහිව සිය විරෝධය දැක්වූවත් ලිතුවේනියානු විනිසුරු එම ගෝලය නිෂ්ප්‍රභා කළේ නැහැ. කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක වුණු Giroud 79 වැනි මිනිත්තුවේ දී තරගය වෙනස් කළේ දඬුවම් පහරකින් ගෝලයක් රැස් කරමින්.
අවසන් ලකුණු තත්වය: France 02 – 01 Moldova
ගෝල රැස් කළ ක්‍රීඩකයෝ
- France – Raphaël Varane (35′) Olivier Giroud (79′ PEN)
- Moldova – Vadim Rata (9′)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















