International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) නිමා වූ ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ සිම්බාබ්වේ 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර පැවැති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.
මෙම තරගය පාකිස්තානයේ කරච්චි නුවර Southend ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී කාසියේ වාසිය ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ 40s කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම 13 වැනි පන්දුවාරයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 139ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
- Rest of World 40s ප්‍රවීනයෝ ශ්‍රී ලංකාව පරාජය කරයි
- Usman Tariq කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිම්බ්බාවේ පරාජය කරයි
- ශ්‍රී ලංකාව 40s ඇමරිකාවට පරාජය වෙයි
- ගුරුගේ සහ විතානගේ ශ්‍රී ලංකා 40s කණ්ඩායමට ජය ගෙනේ
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ 40s කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Hilton Becker. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා. ඊට අමතර ව Richard Linnell පන්දු 17කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ Artur Harley පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනිමේ දී රුවන් ප්‍රේමතිලක ලකුණු 31කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රජීව් නිර්මලසිංහම්, මංජුල ගුරුගේ සහ උදය කුමාර කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ රජීව් නිර්මලසිංහම් සහ සුනෙත් සම්පත් එක් ව පන්දු 76ක දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා. එහි දී සුනෙත් සම්පත් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 86ක් ද සහ රජීව් නිර්මලසිංහම් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද ලබා ගත්තා.
ශ්‍රී ලංකා 40s කණ්ඩායම පාලනය කිරීමට පන්දු යවන්නෝ 8 දෙනෙක් ම යොදා ගත්ත ද ඒ කිසිවෙක්ට අපේක්ෂිත ඉලක්කයන් කරා යෑමට හැකි වෙන්නේ නැහැ.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සිම්බාබ්වේ40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම– කඩුලු 9ක් දැවී 138 (20.0) Artur Harley 23, Hilton Becker 34, Richard Linnell 24, රුවන් ප්‍රේමතිලක 5/31
- ශ්‍රී ලංකා40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම– කිසිවෙක් නොදැවී 139 (12.4) රජීව් නිර්මලසිංහම් නොදැවී 48, සුනෙත් සම්පත් නොදැවී 86
ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
තරගාවලියේ ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් 27 වැනිදා Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණඩායම සමඟින් කටාර් හී DHA ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















