13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 9 වැනි තරගයේ දී කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයයට අලුත් ම වාර්තාවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ Alana King සමත් වුණා.
- 9වැනි තරගය (දිවා/රාත්‍රී), කොළඹ, ඔක්තෝබර් 08, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – පාකිස්තානය
- ඕස්ට්‍රේලියාවකාන්තා ක්‍රිකට් කණ්ඩායම –කඩුලු 9ක් දැවී 221 (50.0) Alyssa Healy 20, Beth Mooney 109, Alana King නොදැවී 51, Fatima Sana 2/49, Rameen Shamim 2/29, Nashra Sandhu 3/37
- පාකිස්තානයකාන්තා ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 114 (36.3) Sidra Amin 35, Kim Garth 3/14, Megan Schutt 2/25, Annabel Sutherland 2/15
ඕස්ට්‍රේලියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 107ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Beth Mooney (ඕස්ට්‍රේලියාව)
නිමා වූ තරගයේ සුවිශේෂී වාර්තාවන්
51* : මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාවේ අංක 11 පිතිකාරිනී Alana King ඉනිම අවසන් වන විට නොදැවී ලබා සිටි ඉනිම කාන්තා ලෝක එක්දින තරග ඉතිහාසයේ අංක 10 හෝ අවසන් පිතිකාරිනියක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා.
Alana King පළමු ස්ථානයට පත් පිතිකරු ලැයිස්තුවේ පළමු 5 දෙනා
Player | Team | Runs | B | 4 | 6 | Opposition | Ground | Year | |
1 | Alana King | ඕස්ට්‍රේලියාව | 51* | 49 | 3 | 3 | පාකිස්තානය | කොළඹ | 2025 |
2 | Y van der Merwe | දකුණු අප්‍රිකාව | 42* | 46 | 4 | 0 | ඉන්දියාව | Christchurch | 2000 |
3 | Kim Garth | ඕස්ට්‍රේලියාව | 42* | 48 | 6 | 1 | දකුණු අප්‍රිකාව | North Sydney | 2024 |
4 | Diana Baig | පාකිස්තානය | 35* | 34 | 3 | 0 | දකුණු අප්‍රිකාව | Durban | 2021 |
5 | Nomvelo Sibanda | සිම්බාබ්වේ | 33* | 70 | 4 | 0 | තායිලන්තය | Bangkok | 2023 |
- Alana King ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව ඇය ගේ 42ක් වන එක්දින ජාත්‍යන්තර තරගවලට ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඊට පෙර ඇය ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2024 වසරේ Mirpur හි දී බංග්ලාදේශයට එරෙහි ව පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලබා සිටි ලකුණු 46යි.
- Stats : Tazmin Brits වසරේ 1 වැනියා වෙයි
- Stats : Gardner සහ Sophie ශතක ලබා ගනී
- Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල
106 : මෙම තරගයේ දී Beth Mooney සහ Alana King එක් ව ඕස්ට්‍රේලියා ඉනිමේ 9 වැනි කඩුල්ලට එක් කළ සබඳතාව ජාත්‍යන්තර කාන්තා එක්දින තරග ඉතිහාසයේ එම කඩුල්ලට එක් කළ ඉහළ ම ලකුණු සබඳතාව බවට පත් වූවා.
මීට පෙර වාර්තාව සතු ව තිබුනේ 2024 වසරේ North Sydney හි දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ඕස්ට්‍රේලියාවේ Ashleigh Gardner සහ Kim Garth එක් ව ලබා සිටි ලකුණු 77යි.
76/7 : ඔවුන් මෙම සබඳතාව ගොඩ නගන්නේ තම කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 76ක් ලබා සිටිය දී යි. එය ඕස්ට්‍රේලියා කාන්තා ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ එම කඩුල්ලට ලබා සිටි අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැනට පත් වුණා.
එහි පළමු ස්ථානයේ පවතින්නේ 1993 වසරේ දී නවසීලන්තයට එරෙහි ව එම කඩුල්ලට ලබා සිටි ලකුණු 67යි.
109 : මෙම තරගයේ දී Beth Mooney පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් තම 87ක් වන එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 5 වැනි ශතකය වාර්තා කළා.
20 : මෙම තරගයේ දී පාකිස්තානයේ 27 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන Nashra Sandhu ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් පාකිස්තාන එක්දින කාන්තා ලෝක කුසලාන තරග දිවියේ වැඩි ම කඩුලුලාභිනිය බවට පත් වුණා. ඇය මේ සඳහා තරග 16කට සහභාගී වී තිබුණා.
ඊට පෙර පාකිස්තානය වෙනුවෙන් එම දක්ෂතාව සිදු කර තිබුණේ තරග 18ක දී කඩුලු 17ක් ලබා සිටි Sana Mir.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<