13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් ගේ දක්ෂතා වඩාත් කැපී පෙණුන අතර ඊට අමතර ව තවත් වාර්තා කිහිපයක් ද මෙම තරගය අවසානයේ දී ක්‍රිකට් පිටියට එක් වුණා.
>>ඉනෝකා ගේ කඩුලු දඩයමට අසාර්ථක අවසානයක්<<
269/8 : ඉන්දියාවේ Guwahati හී Barsapara ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තා. මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව ඉන්දීය කණ්ඩායමක් ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
ඊට පෙර ඉන්දීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහි ව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන සිටියේ 2017 වසරේ Derby හි දී කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු 232යි.
මෙය ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එහෙි ව වාර්තා කරන ලද 5 වැනියට ලැයිස්තු ගත වූ ඉනිමයි.
480 : මෙම තරගය අවසන් වන විට දෙපිලේ ක්‍රීඩිකාවෝ කඩුලු 18ක් දැවී ලකුණු 480ක් ලබා සිටි අතර එය කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් සම්බන්ධ වූ 6 වැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිව් වැනියට පත් වූ දක්ෂතාව බවට පත් වුණා.
- උදේශිකා ප්‍රබෝධනී :ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ වේග පන්දු යැවූඋදේශිකා ප්‍රබෝධනී කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කඩුල්ලක් දවා ගත් වයස්ගත ම පන්දු යවන්නිය බවට පත් වූවා. එදිනට ඇයට වයස අවුරුදු 40කුත් දින 10ක් වූ අතර ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ තරග 109කට මුහුණ දෙමින් ලකුණු 4896ක් ලබා සිටින ඉන්දීය කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකාරිනී Smriti Mandhana (8) දවා ගනිමිනි.
තරගය අවසන් වන විට ඇය ලකුණු 55කට කඩුලු 2ක් දවාගෙන තිබුණා.
- ඉනෝකා රණවීර :ඉන්දීය ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුලු 4ක් දවා ගන්නවා. එදිනට ඇයට වයස අවුරුදු 39කුත් දින 244ක් වූ අතර ඒ අනුව ඇය කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ වයස්ගත ම ක්‍රීඩිකාව බවට පත් වූවා.
කාන්තා එක්දින තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ වැඩිමල් ම ක්‍රීඩිකාව වන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව 2010 වසරේ දී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත් බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ Pamela Lavine. ඇය මෙම දක්ෂතාව සිදු කරනවිට ඇයට වයස අවුරුදු 41කුත් දින 39ක් ව තිබුණා.
ඇයගේ මෙම දක්ෂතාව ඉන්දීය කණ්ඩායමකට එරෙහි ව කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා. ඊට පෙර ඉන්දියාවට එරෙහි ව එලෙසින් දක්ෂතා දක්වා තිබුණේ 2017 වසරේ Derby හි දී ශ්‍රීපාලි වීරක්කොඩි විසින් ලකුණු ලකුණු 28කට දවාගෙන තිබු කඩුලු 3යි.
57 : මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකා Amanjot Kaur පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ අංක 8 හෝ ඊට පසුව පිටියට පිවිස වැඩිම ලකුණු ලැබූ පිතිකාරිනියන් අතුරින් 2 වැනි ස්ථානයට පත් වෙමිනුයි.
මෙහි පළමු ස්ථානයේ දී රැඳී සිටින්නේ ඉන්දියාවේ Pooja Vastrakar. ඇය 2022 වසරේ දී පාකිස්තානයට එරෙහි ව පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.
- ඕස්ට්‍රේලියා යෞවනියෝ ඇප නැතිව ගෙදර යයි
- ලෝක කුසලාන සැරසූ ලළනාවෝ
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල
- Isabella සහ Natalie ශතක ලබා ගනී
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
103 : මෙම තරගයේ දී ඉන්දියාවේ Amanjot Kaur සහ Deepti Sharma එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් එක් කරන අතර එය කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයයි.
ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Pooja Vastrakar සහ Sneh Rana එක් ව 2022 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට එරෙහි ව ලබා ගත් ලකුණු 122යි.
143 : මෙම තරගයේ දී ඉන්දියාවේ දකුණතින් පිට දඟ පන්දු යැවූ Deepti Sharma ලකුණු 54කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඇය තම තරග 113ක් වන එක්දින තරග ඉතිහාසයේ කඩුලු 143ක් දවා ගන්නවා. මේ අනුව ඇය ඉන්දීය කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.
මෙතෙක් එම ස්ථානයේ රැඳී සිටියේ Neetu David වන අතර ඇය තරග 97ක දී කඩුලු 141ක් දවාගෙන තිබුණා. ඉන්දීය ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනිය වන්නේ තරග 204ක දී කඩුලු 255ක් ලබා සිටින Jhulan Goswami.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.