16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 16 වැනි දිනය (30) නිමා වෙන්නේ ශ්‍රී ලංකාවට සුපිරි 6 වටයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමට තබා තිබූ බලාපොරොත්තු අහිමි කරමිනුයි.
ශ්‍රී ලංකාව සුපිරි 6 වටයෙන් ඊළඟ පිම්ම පැනීමට නම් තරගයේ 33 වැනි තරගය ලෙසින් පැවැති අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ දී තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ අයර්ලන්තය ජයගත යුතුව තිබුණා.
>>විරාන්ගේ ශතකය සමඟ ශ්‍රී ලංකාවට තවත් ජයක්!<<
33 වැනි තරගය, Super Sixes, Group 1, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර
Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 315ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Faisal Shinozada. ඔහු පන්දු 142කට මුහුණ දෙමින් හතරේ 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 163ක් ලබා ගන්නවා.
ඊට අමතර ව නායක Mahboob Khan පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව පන්දු 163ක දී ලකුණු 188ක්.
කඩුලු දවා ගැනීමේ දී Reuben Wilson සහ Oliver Riley කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ඉනිම ලකුණු 124කට සීමා වෙන්නේ තරගයේ තවත් පන්දු 56ක් ද ඉතිරි ව තිබියදීයි. එලෙසින් අසරණ වූ ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Marko Bates. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතර ව Reuben Wilson පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Abdul Aziz සහ Aqil Khan කඩුලු 3ක් බැගින් දවා ගන්නවා.
ඇෆ්ගනිස්තානය ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ සුපිරි 6 වටයේ 1 වැනි කාණ්ඩයේ 2 වැනි ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වෙන අතර ඔවුන් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානය දිනා ගත් ඕස්ට්‍රේලියාව ද එම කාණ්ඩයෙන් අවසන් පුර්ව වටයට පිවිසීමට සමත් වෙනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 315 (50.0) Faisal Shinozada 163, Uzairullah Niazai 26, Mahboob Khan 89, Reuben Wilson 3/52, Oliver Riley 3/61
අයර්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 124 (40.4) Marko Bates 34, Reuben Wilson 31, Abdul Aziz 3/21, Aqil Khan 3/36
ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 191ක ජයක්.
තරගයේ වීරයා – Faisal Shinozada (ඇෆ්ගනිස්තානය)
- ඕස්ට්‍රේලියානුවෝ තව දුරටත් අපරාජිත බව රැකගනී
- පාකිස්තානය සහ ඉන්දියාව ජයග්‍රහණ වාර්තා කරයි
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කොදෙව් සංචාරයට දින නියම වෙයි
- NSL T20 පිටිය කැළඹූ ළලනාවෝ
- T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය එළි දක්වයි
34 වැනි තරගය, Super Sixes, Group 2, එංගලන්තය සහ නවසීලන්තය අතර
Bulawayo හි Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් පමණයි.
ඒ අනුව නිමා වූ එම තරගයෙන් ලකුණු 65ක ජයග්‍රහණයක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ සුපිරි 6 වටයේ කාණ්ඩ 2 ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ben Mayes. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා. ඊට අමතර ව Caleb Falconer පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ද සහ Ben Dawkins පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Snehith Reddy සහ Mason Clarke කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Snehith Reddy. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Manny Lumsden ලකුණු 17කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව Sebastian Morgan ද කඩුලු ද්විත්වයක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 315 (50.0) Ben Dawkins 42, Joseph Moores 20, Ben Mayes 53, Caleb Falconer 47, Farhan Ahmed නොදැවී 29, Mason Clarke 2/38, Snehith Reddy 2/28
නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 124 (40.4) Snehith Reddy 47, Jaskaran Sandhu 26, Sebastian Morgan 2/38, Manny Lumsden 5/17
එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 65ක ජයක්.
- තරගයේ වීරයා – Manny Lumsden (එංගලන්තය)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















