ඉන්දියාව අපරාජිත බව රැක ගනී

ICC U 19 Cricket World Cup 2026

2
ICC Men's Under-19 World Cup 2026 01st February

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය අද (1) අවසන් වූ අතර එහි දී පාකිස්තානය පරාජය කරමින් ලකුණු 58ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් සුපිරි 6 වටයේ 2 වැනි කාණ්ඩය අවසන් කරන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියන් බවට පත් වෙමින් අපරාජිතයන් ලෙසයි.

 එම තරගය නිමාවත් සමඟින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තීරණය වූ අතර ඒ අනුව 1 වැනි කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය ද 2 වැනි කාණ්ඩයෙන් ඉන්දියාව සහ එංගලන්තය ද සුදුසුකම් ලබා ගන්නවා.

එම වටයේ තරග මේ මස 03 වැනිදා සහ 04 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>>පාකිස්තානය ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වර්ජන කිරීමට තීරණය කරයි!<<

36 වැනි තරගය, Super Sixes, Group 2, ඉන්දියාව සහ පාකිස්තානය අතර

Bulawayo හි Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 252ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 194ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Vedant Trivedi. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා. ඊට අමතර ව Kanishk Chouhan ලකුණු 35ක් ද සහ Vaibhav Sooryavanshi ලකුණු 30ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Abdul Subhan ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Mohammad Sayyam කඩුලු ද්විත්වයක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Usman Khan. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා. ඊට අමතර ව Hamza Zahoor පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 42ක් ද සහ නායක Farhan Yousaf පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Ayush Mhatre සහ Khilan Patel කඩුලු 3ක් බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 252 (50.0) Vaibhav Sooryavanshi 30, Vedant Trivedi 68, RS Ambrish 29, Kanishk Chouhan 35, Khilan Patel 21, Mohammad Sayyam 2/69, Abdul Subhan 3/33
  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 194 (48.4) Hamza Zahoor 42, Usman Khan 66, Farhan Yousaf 38, Khilan Patel 3/35, Ayush Mhatre 3/21

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 74ක ජයක්.

තරගයේ වීරයා – Kanishk Chouhan (ඉන්දියාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<