සුපිරි 8 පළමු තරගය වර්ෂාවට බිලි වෙයි

ICC Men's T20 World Cup 2026

3

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පැවැති පළමු තරගය වර්ෂවට බිලි වෙමින් (21දා) අවසන් වූවා.  

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නිමයි

41 වැනි තරගය (රාත්‍රී), Super 8s, නවසීලන්තය සහ පාකිස්තාන අතර 

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගයට පෙර ද කාලගුණ තත්ත්වය එතරම් ම යහපත් තත්ත්වය පැවැතියේ නැහැ. එසේ වූවත් යම් තරමකින් පොද වැසි වැටෙමින් තිබිය දී දෙපිලේ නායකයන් විසින් කාසියේ වාසිය උරගා බැලුණ අතර ඉන් ජයග්‍රහණය කළේ පාකිස්තාන නායකයායි.  

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්තා. නමුත් කාසියේ වාසිය උරගා බැලීමෙන් මඳ වේලාවකට පසුව එක දිගට ඇඳ වැටුණ සිහින් සිරිපොද වැස්ස ක්‍රීඩාංගණයේ වැසි ආවරණ යෙදීමට අණ දුන්නා.  

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන බැව් නිවේදනය කෙරෙන තුරු ම වැසි ආවරණ ඇර බැලීමේ හෝ අවස්ථාවක් ක්‍රීඩාංගණ නිලධාරීන්ට හෝ සේවකයන්ට උදා වූයේ නැහැ. එක දිගට පැවැති මඳ වැසි තත්ත්වය හේතුවෙන් තරගය නතර වෙන්නේ කණ්ඩායම් ද්විත්වයට ම ප්‍රසාද ලකුණු බැගින් හිමි වෙමින්.  

තරගාවලියේ අද (22) පැවැත්වෙන තරග 

  • සවස 3.00 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • රාත්‍රී 7.00 – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය, Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්මසජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<