යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

149

ශ්‍රී ලංකාවේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම අද (01) යාපනයේ දී උත්සවාකාරයෙන් සිදු වුනා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ විධායක කමිටුවේ ආරාධනයෙන් යුතුව ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව මෙම කටයුත්ත අද සවස් වරුවේ දී සිදු වුනා. 

මුල් ගල ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් උත්සව සභාවක් ද පැවැත්වුණු අතර, එහි දී ජනපති විසින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් අනාගතය පිළිබඳ සිය බලාපොරොත්තු පවසමින් කතාවක් ද සිදු කළා. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<