ඩැනියෙල් සහ ඩැනියෙල් ඩාර්ලි පාරට ශූරතාව රැගෙන යයි

1220

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 44 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය ඊයේ (24) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

දිවයිනේ පැරණිතම වාර්ෂික එක්දින තරගය වන මේ තරගයේ දී සාන්ත පීතරයින් හා සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ගරු ෆ්‍රැන්සිස් පීටර් ඒ පිලායි පියතුමන්ගේ අනුස්මරණ කුසලානය වෙනුවෙන් සටන් වැදුනි.

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වූ 12 වැනි…

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායකයා මෙන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරන සාන්ත ජෝසප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදි.

පිතිකරණයට සුදුසු තණතිල්ලක් වූ SSC තණතිල්ලේ උපරිම වාසිය ගනිමින් සාන්ත ජෝසප් පිතිකරුවන් ලකුණු 259ක් රැස්කර ගැනීමට සමත් විය. ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ජොහාන් ද සිල්වා ඉනිම ආරම්භයේ දී ම දවා ගන්නට වමත් දඟපන්දු යවන ක්‍රීඩක මිෆ්ලාල් අමින් සමත් වූ නමුත් අත්දැකීම් බහුල පිතිකරුවන් යුගලයක් වන රෙවාන් කෙලි හා නිපුන් සුමනසිංහ වගකීම් සහිත පිතිකරණයක යෙදෙමින් අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් විය. වේගයෙන් පන්දුවට පහර දුන් නායක ජෙහාන් ඩැනියෙල් හට ද වැඩි වෙලා පිටියේ ආයු වළඳන්නට මිෆ්ලාල් අමින්ගෙන් වරම් හිමි වූයේ නැත.       

සිය ඉනිම අතරතුර දී අඩු ලකුණු ගණනකට වැඩි කඩුලු සංඛ්‍යාවක් බිඳවැටීම නිසා සාන්ත ජෝසප් කණ්ඩායම අසීරු අඩියකට පත්වූ අතර 15 වියැති දුනිත් වෙල්ලාලගේ අවශ්‍යම මොහොතේ ඉතා වැදගත් ලකුණු 37ක් රැස්කර ගනිමින් සාන්ත ජෝසප් ඉනිම ස්ථාවර කිරීමට සමත් විය. වරෙක 237/5 බවට පෙන්වූ ලකුණු පුවරුව සියලු දෙනා දැවී ලකුණු 259ක් බවට පත් කරන්නට අමින්, සන්තුෂ් ගුණතිලක, ශිවාන් පෙරේරා ඇතුළු පන්දු යවන්නෝ සමත් වූහ.     

රුහුණු නිල් මහා සටන කරට කර තරගයක් බවට පත්වේ

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 118 වැනි වරටත් පැවැත්වෙන රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය…

සාන්ත පීතර කණ්ඩයමේ ඉනිම ආරම්භයේම දරුණු ගැටලු රැසකට ඇද දමමින් ලකුණු 6කට කඩුලු 3ක් දවා ගැනීමට සාන්ත ජෝසප් පන්දු යවන්නෝ සමත් වූහ. ලක්ෂාන් ගමගේ පළමු කඩුල්ල දවාගත් අතර නායක ජෙහාන් ඩැනියෙල්ගේ කඩුල්ල දෙසට දෝලනය වූ වේගපන්දුවලින් දකුණත් පිතිකරුවන් අසරණ කරමින් දෙවන හා තෙවන කඩුලු දවා ගැනීමට සමත් විය.

කඩුලු තුනක් දැවී අස්ථාවර වී තිබූ සාන්ත පීතර ඉනිම ස්ථාවර කරමින් ගුණතිලක හා රන්මිත් ජයසේන සිව්වැනි කඩුල්ලට ලකුණු 103ක් රැස්කර ගැනීමට සමත් විය. සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ගිලිහි යමින් තිබූ තරගය නැවතත් සාන්ත ජෝසප් කණ්ඩායම දෙසට දෝලනය කරමින් නායක ජෙහාන් ඩැනියෙල්, රන්මිත් ජයසේනගේ කඩුල්ල ලකුණු 48කට දවා ගැනීමට සමත් විය.  

ජෙහාන් ඩැනියෙල්ගේ අඩිපාරේම ගිය අශේන් ඩැනියෙල් ද හොඳින් පිටියේ ස්ථාවර වූ සාන්ත පීතර නායකයාව දවා ගනිමින් සාන්ත පීතර ඉනිම තවත් අස්ථාවර කිරීමට සමත් විය. අනතුරුව සාන්ත පීතර ඉනිම සම්පූර්ණයෙන් බිඳ වැටුණු අතර පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හැරී යද්දී ලකුණු 87ක දැවැන්ත ජයක් සාන්ත ජෝසප් විද්‍යාලයට හිමිකර දෙමින් සාන්ත පීතර ඉනිම සියලු දෙනා දැවී ලකුණු 172ක් ලෙස සටහන් විය.    

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරගය ජය ගනී

ගාලු ආදරවන්තයන්ගේ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසිය වාසිය…

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අශේන් ඩැනියෙල් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ජයග්‍රාහී සාන්ත ජෝසප් කණ්ඩයම මෙහෙයවූ ජෙහාන් ඩැනියෙල් ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙලමින් 2014 වසරට පසු පළමු වරට එක් දින තරග ජයක් මරදානට ගෙන යාමට සමත් විය.

ජෙහාන් ඩැනියෙල්, අශේන් ඩැනියෙල්,යන ඩැනියෙල් ද්විත්වයම තරගයේ වීරයා සම්මාන දිනාගත් අතර රෙවාන් කෙලි හොඳම පිතිකරු ලෙස සම්මාන දිනා ගන්නා ලදි. සුලක්ෂණ ප්‍රනාන්දු තරගයේ හොඳම පන්දු රකින්නා ලෙස සම්මාන දිනූ අතර සන්තුෂ් ගුණතිලක හා රන්මිත් ජයසේන තරගයේ හොඳම සබඳතාවට හිමි සම්මානය දිනා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය 259 (49.2): රෙවාන් කෙලි 59, නිපුන් සමරසිංහ 53, දුනිත් වෙල්ලාලගේ 37, ජෙහාන් ඩැනියෙල් 26, ලක්ෂාන් ගමගේ 26, මිෆ්ලාල් අමින් 2/60, සන්තුෂ් ගුණතිලක 2/44, ශිවන් පෙරේරා  2/32

සාන්ත පීතර විද්‍යාලය 172 (38.4): සන්තුෂ් ගුණතිලක  49, රන්මිත් ජයසේන 48, දිනිත් අංජුල 25, ජෙහාන් ඩැනියෙල්  4/21, අශේන් ඩැනියෙල් 4/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<