ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වෙනස්ම ආකාරයේ තරගයක් පිළිබඳ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පසුගිය දිනක මාධ්‍ය වෙත හෙළිදරව් කළ අතර ඒ අනුව එම තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් ද්විත්වයේ සංචිතයන් ඊයේ (14) මාධ්‍යට නිකුත් කර තිබුණි. තරගය අප්‍රේල් මස 11 වැනිදා හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
ක්ලිෆර්ඩ් කුසලානයේ මංගල තරගයට CR සහ පොලිසිය
2019 අන්තර් සමාජ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් ….
මෙම තරගාවලිය මෙරට රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ, දැනට රෝගාතුරව පසුවන චන්ද්‍රිශාන් පෙරේරා වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ මූලික පරමාර්ථයෙන් පවත්වනු ලබන අතර මෙය ThePapare.com හි ලේඛකයෙකු වන බොආ අතු මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන කටයුත්තකි.
මෙහි දී කැපී පෙනෙන කාරණය නම් සියලුම ක්‍රීඩකයින් සිය කණ්ඩායම් සඳහා නම්කොට තිබෙන්නේ තමන් අධ්‍යාපනය ලැබූ පාසල පිහිටි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් වීමයි. පසුගිය දා නිමාව දුටු ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී දක්ෂතා අතර සිටි, තම ද්විතීයික අධ්‍යාපනය කොළඹ ප්‍රදේශයේ පාසලකින් සම්පූර්ණ කළ ක්‍රීඩකයින් කොළඹ කණ්ඩායම සඳහාත්, එම කාණ්ඩයට අයත් නොවන සෙසු ක්‍රීඩකයින් පිට පළාත් කණ්ඩායම සඳහාත් අයත් වන පරිදි සංචිත නිර්මාණය කර ඇත.
ලීග් ශූරයින් ලෙස අභිෂේක ලැබූ මහනුවර ක්‍රීඩා සමාජයේ නායක රිචඩ් ධර්මපාල මෙන්ම හැව්ලොක් කණ්ඩායමේ නියමු නිරෝෂන් පෙරේරා වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසකගේ සේවය කොළඹ කණ්ඩායමට හිමිවෙන විට CR&FC කණ්ඩායමේ නායකත්ව වගකීම ඉටු කරන කවිඳු පෙරේරා, CH&FC කණ්ඩායමේ ඇඩම් ගෞඩර් සහ මහනුවර කණ්ඩායමේ රොෂාන් වීරරත්නගේ වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ දායකත්වය පිට පළාත් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අතිශය තීරණාත්මක සාධකයක් වනු බව නොඅනුමානයි.
ජාතික රග්බි කණ්ඩායමේ සුක්කානම විදෙස් පුහුණුකරුවෙකුට
දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩා පිටියේ …..
පසුගිය දිනක ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්, රග්බි ක්ෂේත්‍රය පිළිබඳ හසල දැනුමකින් පිරිපුන් නවසීලන්ත ජාතික මැට් ලී මහතා මෙම තරගය වෙත විශේෂ අවධානයක් ලබා දෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන අතර මේ වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු පළමු කාණ්ඩ ශූරතා තරගාවලිය සඳහා වන ජාතික සංචිතය නම් කිරීමට මෙම තරගය විශේෂයෙන් ඉවහල් වනු ඇත.
කොළඹ සංචිතය
| නම | ක්‍රීඩා සමාජය | පාසල |
| දුශ්මන්ත ප්‍රියදර්ශන | හැව්ලොක් | බුද්ධඝෝෂ විදුහල, කළුබෝවිල |
| ජේසන් මෙල්ඩර් | CH&FC | සාන්ත ජෝසප් විද්‍යාලය |
| අශාන් ඩාර්ලින්ග් | මහනුවර | ඉසිපතන විද්‍යාලය |
| චරිත් ජනිත් සිල්වා | නාවික හමුදා | විද්‍යා විද්‍යාලය |
| ෆයිස් අබ්දුල්ලා | හැව්ලොක් | සාන්ත පීතර විද්‍යාලය |
| අස්මීර් ෆාජුඩීන් | හැව්ලොක් | රාජකීය විද්‍යාලය |
| ප්‍රසාත් මධුසංඛ | CH&FC | ඉසිපතන විද්‍යාලය |
| උමේෂ් මධුෂාන් | හැව්ලොක් | රාජකීය විද්‍යාලය |
| සුහිරු ඇන්තනී | හැව්ලොක් | සාන්ත පීතර විද්‍යාලය |
| සජිත් සාරංග | CH&FC | ඉසිපතන විද්‍යාලය |
| යෝෂිත රාජපක්ෂ | CH&FC | සාන්ත තෝමස් විද්‍යාලය |
| ශෙහාන් පතිරණ | හැව්ලොක් | රාජකීය විද්‍යාලය |
| උදාර සූරියප්පෙරුම | පොලිස් | ආනන්ද විද්‍යාලය |
| සුදර්ශණ මුතුතන්ත්‍රි | CH&FC | සාන්ත තෝමස් විද්‍යාලය |
| ලසින්දු හේෂාන් | හැව්ලොක් | විද්‍යා විද්‍යාලය |
| ඔමල්ක ගුණරත්න | CR&FC | ඉසිපතන විද්‍යාලය |
| මිතුන් හපුගොඩ | හැව්ලොක් | මහානාම විද්‍යාලය |
| රහුල් ද සිල්වා | CR&FC | වෙස්ලි විද්‍යාලය |
| සුදම් සූරිආරච්චි | CH&FC | ඉසිපතන විද්‍යාලය |
| නයිජල් රත්වත්ත | මහනුවර | ——- |
| ජනිඳු ඩිල්ශාන් | CR&FC | රාජකීය විද්‍යාලය |
| ධනුෂ්ක රන්ජන් | මහනුවර | සාන්ත පීතර විද්‍යාලය |
| නිෂෝන් පෙරේරා | CH&FC | සාන්ත පීතර විද්‍යාලය |
| අනුරුද්ධ විල්වර | මහනුවර | සාන්ත තෝමස් විද්‍යාලය |
| ජනිත් චානක | පොලිස් | සාන්ත ජෝසප් විද්‍යාලය |
| අනුරාධ හේරත් | CH&FC | සාන්ත පීතර විද්‍යාලය |
| බුද්ධිම පියරත්න | නාවික හමුදා | ඩී. එස්. සේනානායක විද්‍යාලය |
| කෙවින් ඩික්සන් | CR&FC | සාන්ත පීතර විද්‍යාලය |
| සචිත් සිල්වා | පොලිස් | සාන්ත ජෝසප් විද්‍යාලය |
| රිචඩ් ධර්මපාල | මහනුවර | විද්‍යා විද්‍යාලය |
හැව්ලොක් හදවත් හඬවමින් මහනුවර ශූරතාව දිනයි!
ඉතා උණුසුම් තරගයකට පසු ලකුණු දෙකක……
පිට පළාත් කණ්ඩායම් සංචිතය
| නම | ක්‍රීඩා සමාජය | පාසල |
| කසුන් ද සිල්වා | නාවික හමුදා | තිඹිරිගස්කටුව විදුහල,මීගමුව |
| චාල්ස් ප්‍රවීන් | ගුවන් හමුදා | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| යාකූබ් අලී | මහනුවර | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| සත්‍ය රණතුංග | CH&FC | ත්‍රිත්ව විද්‍යාලය |
| නිරෝෂන් දිලීප | යුධ හමුදා | බණ්ඩාරනායක ම.ම. විද්‍යාලය |
| රසිත් ජයංග ද සිල්වා | පොලිස් | වේල්ස් කුමර විද්‍යාලය |
| උචිත ජයසූරිය | මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| පරාක්‍රම රත්නායක | ගුවන් හමුදා | සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය |
| තිළිණ බණ්ඩාර | ගුවන් හමුදා | සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය |
| හේෂාන් කල්හාර | මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| සෂික ජයවර්ධන | මහනුවර | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| ප්‍රභාත් කුමාර | යුධ හමුදා | කටගොරල ම.ම. විද්‍යාලය,රත්නපුර |
| තරිඳු චතුරංග | මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| නිවංක ප්‍රසාද් | CH&FC | හිබුල්ගොඩ රාජසිංහ විද්‍යාලය |
| ජේසන් දිසානායක | මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| බුවනෙක උඩන්ගමුව | මහනුවර | ධර්මරාජ විද්‍යාලය |
| නුවන් පෙරේරා | ගුවන් හමුදා | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| අශාන් බණ්ඩාර | යුධ හමුදා | විද්‍යාර්ථ විද්‍යාලය |
| රොෂාන් වීරරත්න | මහනුවර | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| තරින්ද රත්වත්ත | CR&FC | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| දිනුක් අමරසිංහ | CH&FC | සාන්ත අන්තෝනි විද්‍යාලය |
| ඇඩම් ගෞඩර් | CH&FC | |
| සුධාරක දික්කුඹුර | හැව්ලොක් | ශ්‍රී රාහුල ම.ම. විද්‍යාලය |
| කවිඳු පෙරේරා | CR&FC | විද්‍යාර්ථ විද්‍යාලය |
| රීසා රෆයිඩීන් | CR&FC | කිංග්ස්වුඩ් විද්‍යාලය |
| තිළිණ විජේසිංහ | මහනුවර | ධර්මරාජ විද්‍යාලය |
| චතුර සෙනෙවිරත්න | නාවික හමුදා | කිංග්ස්වුඩ් විද්‍යාලය /සාන්ත ජෝසප් විද්‍යාලය |
| සැමුවෙල් මධුවන්ත | CH&FC | සාන්ත අන්තෝනි විද්‍යාලය |
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















