New Star – Saunders අතර උණුසුම් තරගයක්!

Champions League Sri Lanka 2025/26

1

2025/26 Champions League පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ පස් වැනි සතියට අදාළ තරග හතරක් ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

පෙබරවාරි 28 (සෙනසුරාදා) 

New Star SC vs Saunders SC 

මෙම තරගයේ පළමු අර්ධය තුළ ම New Star කණ්ඩායම ගෝල ද්විත්වයක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් Saunders ක්‍රීඩකයින් මෙම කාලය තුළ එකදු ගෝලයක් හෝ වාර්තා කළේ නැහැ.  

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සිය පෙර වැරදි සියල්ල නිවැරදි කර ගත් Saunders ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වුනා. මෙම අර්ධය තුළ New Star කණ්ඩායම තවත් එක් ගෝලයක් වාර්තා කරන අතරේ, Saunders කණ්ඩායම විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා. 

  • Saunders SC 3 – New Star 3 

Serendib SC සහ Pelicans SC  

තරගයේ පළමු අර්ධය තුළ වාර්තා වූ එකම ගෝලය Pelicans කණ්ඩායම සතු වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Serendib කණ්ඩායම ද එක් ගෝලයක් වාර්තා කර ගනිමින්, තරගය සම මට්ටමින් අවසන් කර ගැනීමට සමත් වුනා. 

  • Pelicans SC 1 – Serendib SC 1 

මාර්තු 01 (ඉරිදා) 

Solid SC සහ SL Police SC  

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ඉතා හොඳ මට්ටමේ සටනකට අවතීර්ණ වුනා. එහි දී Solid ක්‍රීඩකයින් ගෝල ද්විත්වයක් ලබාගන්නා අතරේ, Police කණ්ඩායම එක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී පොලිස් ක්‍රීඩකයින් මර්දනය කරමින් තරගයේ ජය තමන් වෙත හරවා ගැනීමට Solid ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. 

  • Solid SC 3 – Police SC 1 

St. Mary’s SC සහ Java Lane SC 

මෙම තරගය ආරම්භයේ පටන් ම ඉතා හොඳ කරට කර සටනක් නිර්මාණය කළාතරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට සමත් නොවුණු අතර, තරගයේ දෙවැනි අර්ධය ද ඒ අයුරින් ම ක්‍රියාත්මක වුනේ ජය පැරදුමෙන් තොර තවත් තරගයක නිමාව සනිටුහන් කරමිනුයි. 

  • St. Mary’s SC 0 – Java Lane SC 0 

දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<