2025/26 Champions League පාපන්දු තරගාවලියේ පස්වැනි සතියේ තරග ඊයේ (05) නිමාවට පත් වුනා.
සිකුරාදා (ජනවාරි 09)
Crystal Palace SC සහ SLTB SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Crystal Palace ක්‍රීඩකයින් විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් එම කාලය තුළ SLTB කණ්ඩායමෙන් එකදු ගෝලයක් හෝ වාර්තා වුනේ නැහැ.
- Crystal PalaceSC 3 –SLTB SC 0
Saunders SC සහ New Star SC
මෙම තරගයේ පළමු අර්ධය තුළම තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ Saunders ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.
සමස්ත තරගය පුරාවට වාර්තා වූ එකම ගෝලය එය වූ අතර, ඒ අනුව Saunders කණ්ඩායම තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වුනා.
- Saunders SC 1 – New Star SC 0
සෙනසුරාදා (ජනවාරි 10)
Java Lane SC සහ Negambo Youth SC
මෙම තරගයේ දී Java Lane කණ්ඩායම විසින් පෙරමුණ ගනිමින් තරගයේ පළමු අර්ධයේ දීම ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත් වූ අතර, Negambo Youth කණ්ඩායම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී Negambo Youth ක්‍රීඩකයින් විසින් පෙරට වඩා තරගකාරී වෙමින් සිය පරාජයෙන් ගැලවීමට උත්සාහ කරමින් එක් ගෝලයක් වාර්තා කළත්, එය Java Lane ජය වලකාලීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- Java Lane SC 2 – Negambo Youth SC 1
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
Solid SC සහ Moragasmulla SC
මෙම තරගය ආරම්භයේ පටන් ම Solid ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වුනා.
මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ගෝල හතරක් වාර්තා කරන අතරතුරේ දී මොරගස්මුල්ල ක්‍රීඩකයින් විසින් එක් ගෝලයක් පමණක් වාර්තා කිරීමට සමත් වුනා.
කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ මොරගස්මුල්ල කණ්ඩායමට දරුණු පරාජයක් උරුම කර දුන් Solid ක්‍රීඩකයින් තවත් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
- Solid SC 6 – Moragasmulla SC 1
ඉරිදා (ජනවාරි 11)
St. Mary’s SC සහ Super Sun SC
මෙම තරගයේ පළමු අර්ධයේ වාර්තා වූ එකම ගෝලය Super Sun කණ්ඩායම විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ගෝලයක් වාර්තා කළා.
දෙවැනි අර්ධය තුළ St.Mary’s ක්‍රීඩකයින් ද සිය උපරිමය ලබ දෙමින් එක් ගෝලයක් වාර්තා කලත් එය ඔවුන්ට පරාජයෙන් ගැලවීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- Super Sun SC 2 – Mary’s1
Matara City SC සහ Pelicans SC
මෙම තරගයේ මුල් අර්ධය තුළ ගෝල හතරක් වාර්තා වූ අතර, ඉන් ගෝල ත්‍රිත්වයකම අයිතිය Pelicans කණ්ඩායම සතු වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ ද Pelicans ක්‍රීඩකයින් විසින් තවත් එක් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- Pelicans SC 4 – Matara City 1
ලීගයේ පස්වැනි සතිය ඒ අයුරින් නිමාව දුටුවා.
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.















