2025 Champions League පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය පසුගිය සෙනසුරාදා (20) ක්‍රියාත්මක වුනා.
එදින ද සුපුරුදු පරිදි තරග ද්විත්වයක් ක්‍රියාත්මක වූ අතර, එම තරගවල දී Serendib SC සහ Java Lane SC කණ්ඩායම් ද, මොරගස්මුල්ල සහ Super Sun SC කණ්ඩායම් ද තරග බිමට පිවිසුණා.
මොරගස්මුල්ල SC සහ Super Sun SC
මෙම තරගයෙන් ජය ලැබීමට Super Sun කණ්ඩායම සමත් වූ අතර, තරගයේ පළමු අර්ධයේ දීම ඔවුන් ඒ වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකසා ගැනීමට ද සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ Super Sun ක්‍රීඩකයින් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර, මොරගස්මුල්ල ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
තරගයේ දෙවැනි අර්ධය තුළ දෙපිළෙන් ම එකදු ගෝලයක් හෝ වාර්තා නොවීම නිසා තරගයේ ජය Super Sun වෙත බාර වුනා.
Super Sun SC 2 – මොරගස්මුල්ල SC 0
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
Serendib SC සහ Java Lane SC
මෙම තරගයේ දී දෙපිළෙන් ම ඉහළ මට්ටමේ සටනක් නිර්මාණය වූ අතර, තරගයේ පළමු අර්ධයේ දීම Serendib ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.
එතැන් පටන් නැවත තරගයට අවතීර්ණ වීම සඳහා Java Lane ක්‍රීඩකයින් ඉතා ඉහල වෙහෙසක් දැරුවත් එය සාර්ථක නොවීම මත තරගයේ ජය Serendib වෙත හිමි වුනා.
Serendib SC 1 – Java Lane SC 0
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>




















