19න් පහළ CAVA කාන්තා වොලිබෝල් තරග කොළඹ දී

CAVA U-19 Women Volleyball Championship 2025

12
CAVA U-19 Women Volleyball Championship 2025

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලිය මේ මස 04 සිට 09 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කිරිගිස්තානය, මාලදිවයින සහ නේපාලය යන රටවල් 4 සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන

  • නොවැම්බර් 04 වැනිදා

සවස 3.00 – ශ්‍රී ලංකාව සහ මාලදිවයන අතර

සවස 5.30 – කිරිගිස්තානය සහ නේපාලය අතර

  • නොවැම්බර් 05 වැනිදා

සවස 2.00 – කිරිගිස්තානය සහ මාලදිවයින අතර

සවස 4.30 – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර

  • නොවැම්බර් 06 වැනිදා

සවස 2.00 – මාලදිවයින සහ නේපාලය අතර

සවස 16.30 – ශ්‍රී ලංකාව සහ කිරිගිස්තානය අතර

  • නොවැම්බර් 07 වැනිදා (විවේක දිනය)
  • නොවැම්බර් 08 වැනිදා

සවස 2.00 – 1 වැනි අවසන් පූර්ව තරගය

සවස 4.30 – 2 වැනි අවසන් පූර්ව තරගය

  • නොවැම්බර් 09 වැනිදා

සවස 2.00 – තුන් වැනි ස්ථානය සඳහා තරගය

සවස 4.30 – අවසන් මහා තරගය

තරගාවලියේ සමාරම්භක උළෙල මේ මස 04 වැනිදා පස්වරු 3.00ට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙන අතර තරගාවලියේ සමාප්ති උළෙල ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ වොලිබෝල් කාන්තා කණ්ඩායම

 

සුලක්ෂණා පසිඳුනි (නායිකාව – රුවන්වැල්ල, රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), හිරුණි ප්‍රබෝධා (හුංගම විජයබා ජාතික පාසල), හර්ෂනී නිසංසලා (ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල) , තිසඳි තුෂ්මිණි (නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), පවනි පබසරා (හුංගම විජයබා ජාතික පාසල), ටෂණි භාග්‍යා (ගම්පහ යශෝදරා බාලිකා විද්‍යාලය), අප්සරා නෙත්මිණි (කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය), විහඟි අහිංසා (හුංගම විජයබා ජාතික පාසල), වත්ශිකා දිල්ශානි (නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), නෙත්මි දිව්‍යාංජලී (හුංගම විංජයබා ජාතික පාසල), නෙත්‍යා මින්දුලි  (නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල), ජිනේෂි මදුශානි (ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල).

නිලධාරීන්

 

චමින්ද ලක්ෂ්මන් (කණ්ඩායම් කළමණාකරු), චාල්ස් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), උදය රුක්මාල් (සහාය පුහුණුකරු), නිලංග රුෂාන් ජයකොඩි (අභ්‍යාසක), නදීකා සඳමාලි (කණ්ඩායම් භාර නිලධාරිනී).

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<