ත්‍රස්තවාදය! මෙවර ශ්‍රී ලංකාවට පහර දුන්නේ පෙර මෙන් නොව ආගම් අන්තවාදයක් මූලික කර ගනිමිනි. මම මොහොතකට මතක් කරන්නම් එදා ජීවිත පිදූ අහිංසක මිනිස්සුන්ව හා කීතු කීතු වලට ඉරා දැමූ අහිංසක පවුල්. පාස්කු ඉරිදාව යලිත් තිබූ පරිදි කිසිලෙසකවත් නොපැවැත්වේවී.
සංවිධායකයින් එකතු වී බ්‍රැඩ්බි කල් දමයි
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව ……….
මේ ත්‍රස්තවාදයේ උපරිම තත්වයයි. ශිෂ්ට ලෙස ජන සමාජය ඉදිරියට පවත්වා ගෙන යෑමට නම් ත්‍රස්තවාදය පිටුදැකිය යුතුමයි. මෙය මහා බියගුලු නින්දා සහගත ක්‍රියාවකි.
මේ ක්‍රියාව නිසාම ශ්‍රී ලංකාව තුළ සියලු කටයුතු අඩාල වූයේ දැවැන්ත ආරක්ෂක ගැටලු මතු වීම නිසාවෙනි. ඒ වන විට පැවැත්වෙමින් තිබුණු පාසල් රග්බි තරගාවලිය ඇතුළු ක්‍රීඩා තරග සියල්ල දින නියමයකින් තොරව කල් දැමුණේ දිවයිනේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමිනි. කෙසේ වෙතත් රග්බි ක්‍රීඩාවට ඇති උනන්දුවත් නැතිවී ගියේ දුකින් පිරුණු අහිමි වීම් රාශියකින් ලාංකීය රග්බි ප්‍රේක්ෂකයින්ගේ සිත් පීඩා විඳින නිසාවෙනි.
දේශීය රග්බි ප්‍රජාවේ කිහිප දෙනෙක්ටම ඔවුන්ගේ පවුල්, ඥාතීන් හා මිතුරන් අහිමි වූ අතර කෙටියෙන්ම කිවහොත් නම් මෙම ත්‍රස්ත ප්‍රහාරය ලංකාව පුරා සියලු දෙනාටම බලපෑම් එල්ල කරන්නට සමත් විය. හිරිකිතයකින් තොරව අහිංසක ජීවිත උදුරා දැමීමට සමත් විය. රටේම ආරක්ෂාව බිඳ දැමීමට සමත් විය.

ඉතින් ඒ අනුව 2019 සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියට කුමක් වෙයි ද?
ඊට අමතරව, බ්‍රැඩ්බි පලිහ, එහි දියමන්ති ජුබිලිය මෙවර සමරන අතර එයටත් පවතින තත්වය ඔස්සේ දැඩි බාධාවක් එල්ල වී තිබේ.
තීරණය
මේ පවතින තත්වයන් යටතේ පාසල් යළි ආරම්භ වන්නේ එළඹෙන මැයි 6 වැනිදායි. එම තීරණය හා රග්බි ලීගය නැවතත් ආරම්භ කිරීමේ තීරණයත් යන තීරණ දෙකම අධ්‍යාපන අමාත්‍යංශයට භාර වී තිබේ. ඔවුන් සහ අමාත්‍යවරයා එම තීරණය ගැනීමට නියමිත අතර බොහෝ විට 2019 තරගාවලිය මේ තත්වය පහවන තුරු කල්දමනු ඇත.
එමෙන්ම තරගාවලිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම පිළිබඳව ද කසුකුසුවක් ඇතිව තිබේ.
ත්‍රස්තවාදයේ හස්තයෙන් ජන ජීවිත ආරක්ෂා කිරීම පළමු කර්තව්‍යයයි. ක්‍රීඩාවටත් වඩා වටින්නේ ජීවිතයයි. කෙතරම් ආශා කළත් රග්බි ක්‍රීඩාවට වඩා වටින්නේ ජීවිතයයි.
ඉතින් ඊට පස්සේ
ලීග් තරගාවලියේ තරගයක් සාමාන්‍යයෙන් 2000-3000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගනී.

ඒ අනුව,
A.තරගාවලිය කල් දැමීමක්,
B. තරගාවලිය අවලංගු කිරීමක්
C .වෙනත් විසඳුමකට බලධාරීන්ට යන්නට වනු ඇත.
මේ වන විට අපට හැකිවන්නේ අනුමාන කරමින් බලා සිටින්නට පමණි.
ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්
බ්‍රැඩ්බි පලිහ
තරගාවලිය අතරමග නවත්වන විට 75 වැනි බ්‍රැඩ්බි පලිහේ පළමු අදියර මැයි 11ත්, දෙවන අදියර මැයි 25ටත් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. ඉන් පළමු තරගය ලීග් තරගයක් ලෙස සැලසුම් කර තිබුණි. ඉතිහාසයේ ප්‍රබලතම හා උණුසුම්ම තරගයක් වන මෙම තරගයට ක්‍රීඩා පිටිය උතුරා යන ප්‍රේක්ෂක සහභාගිත්වයක් අපේක්ෂා කර තිබුණි. කෙසේ වෙතත් මේ තත්වය යටතේ තරගාවලිය කල් දැමීමක් අපේක්ෂා කළ හැකියි.
තරගාවලියේ ප්‍රබලත්වය මත දේශීය මෙන්ම විදෙස් රටවලින් ද ප්‍රේක්ෂකයින් පැමිණෙන නිසා තරග සංවිධායකයින්ට තීරණයක් ගැනීම ඉතා අපහසු වනු ඇත.
කෙසේ වෙතත් තත්වය යථාතත්වයට පත්වුනත් ආරක්ෂක අමාත්‍යංශය මිනිසුන් වැඩිපුර එක්රැස් වන අවස්ථා/උත්සව සීමා කරන්නට පියවර ගනු ඇත. එම නිසාම රග්බි ලීගයට හා බ්‍රැඩ්බි තරගාවලියට තවත් පිළියමක් ද සිතා බැලීමට බලධාරීන්ට සිදු වනු ඇත.
ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කිරීම
ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර පාපන්දු තරගවල දී කිහිප වතාවක්ම ක්‍රියාත්මක විය. සරලයි. කණ්ඩායම් ඔවුන්ගේ අත්‍යවශ්‍ය සහයකයින්/ පුහුණුකාර්ය මණ්ඩලය සමඟ ක්‍රීඩාංගණයේ තරගය ක්‍රීඩා කරයි. ප්‍රේක්ෂකයින් කිසිවෙකුට ක්‍රීඩාංගණයේ දොරගුළු විවර වන්නේ නැත.

එංගලන්තය හා ක්‍රොඒෂියාව 2009
මෙම තරගය පැවැත්වෙන්නේ රිජෙකා ක්‍රීඩාංගණයේ ස්ටේඩියන් එච්. එන්. කේ රිජෙකා ක්‍රීඩාංගණයේ දී. ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 8000කට පමණ අසුන්ගත හැකි අතර මේ තරගයට පෙර ක්‍රොඒෂියාව එම ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කර තිබුණේ තරග දෙකක් පමණයි.
මෙම තීරණයට හේතුව වූයේ මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලට ගෙන වැඩි පිරිසක් එකට එකතු වීම වැළැක්වීමයි. මෙම ක්‍රියාවට ඉතා විනයක් අවශ්‍ය වන්නේ ආරාධිතයින්ට හා ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩාවේ නම් එකිනෙකාගේ සම්බන්ධතා තිබූ පලියට කිසිවෙකුට තරගය නැරඹීමට අවස්ථාව ලබා නොදිය යුතු නිසයි.

ලීග් රග්බි තරගාවලිය යනු ආධුනික පාසල් රග්බි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන කුඩා තරගාවලියක් නොවේ. එම තරගාවලිය යනු අපගේ නැවත සටන් කිරීම පෙන්වන සලකුණක් විය හැකි. නැවත අප යථාතත්වයට පත්වන බවට සලකුණක් විය හැකියි.
අවසානයට රග්බි ක්‍රීඩාව අපිට යම් දෙයක් ඉගැන්වූයේ නම් ඒ එකමුතු වී එකිනෙකා වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි යන්නයි. 1997 බ්‍රිතාන්‍ය – අයර්ලන්ත ලයන්ස් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කළ සංචාරයක දී කළ ප්‍රකාශයකින් මා අවසන් කරන්නම්. ”අභියෝගය විශාල වන තරමට අපි විසින් ලබා දෙන ප්‍රතිචාරයත් විශාලයි.”
>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















