ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලකවරයෙක් ද වූ ජයනන්ද වර්ණවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසු වූවා.
1986 වසරේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ටෙස්ට් වරම් හිමිකර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග පිටියට පිවිසි ජයනන්ද වර්ණවීර මහතා ඊට වසර 8කට පසුව 1994 වසරේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ම තම ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය නිමා කරද්දී ටෙස්ට් තරග 10කට සහ එක්දින ජාත්‍යන්තර තරග 6කට සහභාගී වී සිටියා.
දක්ෂ දඟ පන්දු යවන්නෙක් වූ ජයනන්ද වර්ණවීර මහතා සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් මතු වූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා දිවියට සමුදුන් අතර ඊට පසුව ක්‍රිකට් පරිපාලනය පිවිසියා.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
- ශ්‍රී ලංකාව පාකිස්තානයේ තුන්කොන් T20 තරගාවලියකට
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
වසර ගණනාවක් පුරා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ භාරකරු ලෙසින් ද කටයුතු කළ ජයනන්ද වර්ණවීර මහතා සුනාමි ව්‍යසනයෙන් වැනසී ගිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නැවත ගොඩ නැගීමේ දී ඕස්ට්‍රේලියානු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩක Shane Warne සමඟ එක් වෙමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා.
කෙසේ වෙතත් පසුගිය කාලයේ ඔහු ක්‍රිකට් පරිපාලනයෙන් දුරස් ව සිටි අතර ඊට හේතු වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ විරෝධී ඒකකය විසින් පවත්වනු ලැබූ විමර්ශන කටයුතු සඳහා සහාය නොදැක්වීමේ චෝදනාව මත වසර 3ක සේවය තහනම් කිරීමයි.
නැසීගිය ජයනන්ද වර්ණවීර මහතාට ThePapare.com හී සාතිශය සංවේගය!