Video – නොකඩවා වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ රටවල් – සිංහලෙන් ක්‍රිකට් 02

423

පසුගිය දා පැවති බංග්ලාදේශ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 25ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුනා. එම ජයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොකඩවා විස්සයි විස්ස තරග 12ක් ජය ගනිමින් 2016/17 කාලය තුල ඔවුන් විසින්ම තබා තිබූ වාර්තාව නැවත වතාවක් අලුත් කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබුනා. නමුත් අද අපි සිංහලෙන් ක්‍රිකට් වැඩසටහනින් ඔබව දැනුවත් කරන්න යන්නේ නොකඩවා වැඩිම ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කළ කණ්ඩායම් පිළිබඳවයි.