Video – වයස අවුරුදු 19 දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ක්‍රීඩකයා – අසංක ගුරුසිංහ

2016

1985 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අසංක ගුරුසිංහ දක්ෂ වමත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147කට හා ටෙස්ට් තරග 41කට ක්‍රීඩා කරමින් ලකුණු 6354ක් රැස්කර ගැනීමට සමත් වූ ගුරුසිංහ 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් දිනා ගත් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින අසංක ගුරුසිංහ කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් Munchee සමඟ එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දහතුන්වැනි දිගහැරුම.