93 වැනි ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

93rd Sir John Tarbat Athletics Championship 2025

44
93rd Sir John Tarbat Athletics Championship 2025

93 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (08) දිනයේ ආරම්භ වුනා.

ශූරතාවලියේ ආරම්භක දිනයේ දීම නව තරග වාර්තා කිහිපයක් බිහි වූ අතර, ඒත් සමඟම ඉසව් කිහිපයකම අවසන් තරග සහ ඉසව් රැසක මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වුනා.

20න් පහළ මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට වත්තල ලයිසියම් විද්‍යාලයේ දුලාංජනා ප්‍රදීපනී සමත් වූ අතර, එහි පිරිමි ඉසව්ව ජය ගැනීමට රජවැල්ල හින්දු ජාතික පාසලේ H.අභිනේශ් විසින් සමත් වුනා.

මේ අතර 18න් පහළ මීටර් 3000 කාන්තා ඉසව්වේ ජය N.නිදුකි ප්‍රාර්ථනා විසින් ජය ගැනීමට සමත් වූ අතර, එහි පිරිමි ඉසව්වේ ජය රත්නපුර ලයිසියම් විද්‍යාලයේ G.D.Lඅචින්ත විසින් හිමි කර ගැනීමට සමත් වුනා. මෙහි දී මිනිත්තු 8.44.18ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් වූ අචින්ත විසින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වීමත් විශේෂත්වයක්.

මේ අතර 18න් පහළ පිරිමි දුර පැනීම ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ දීසර හේරත් විසින් සමත් වුනේ මීටර් 7.27ක දුරක් තරණය කරමිනුයි.

16න් පහළ පිරිමි උස පැනීමේ ඉසව්ව ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ T.විදානගමාරච්චි විසින් සමත් වූ අතර, 20න් පහළ කවපෙත්ත විසි කිරීම පිරිමි ඉසව්වේ ජය කුරුණෑගල මලියදේව විද්‍යාලයට හිමි කර දීමට V.P.ගලප්පත්ති විසින් සමත් වුනා.

මේ අතර 18න් පහළ කවපෙත්ත විසි කිරීම පිරිමි ඉසව්වේ ජය මාතර රාහුල විද්‍යාලයේ S.G.L.B.B.ගුණසේකර විසින් හිමි කර ගැනීමට සමත් වූ අතර, එහි දී ඔහු විසින් නව තරග වාර්තාවක් පිහිටුවමින් මීටර් 51.35ක දක්ෂතාවක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මේ අතර 18න් පහළ කාන්තා උස පැනීම ඉසව්වට සහභාගී වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ D.K.M.D. අබේරත්න විසින් මීටර් 1.70ක උසක් තරණය කරමින් තවත් නව තරග වාර්තාවක් කරා යාමට සමත් වුනා.

ඒ අනුව ඊයේ දිනය තුළ අවසන් වූ ඉසව් වල දී නව තරග වාර්තා හතරක් බිහි වුනා. ශූරතාවලියේ දෙවැනි දිනය අද (10) ක්‍රියාත්මක වීමට නියමිත අතර, අද දිනය තුළ තවත් ක්‍රීඩක, ක්‍රීඩිකා දක්ෂතා දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

එම තරග තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>