කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 65 වැනි වරටත් පැවැති මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (25) විසඳුමකින් තොරව අවසන් වුනා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී තෙදිනක් පුරා පැවැති මෙම තරගයේ විසඳුමට වර්ෂාවෙන් විවිධ අවස්ථාවන්වල දී බාධා එල්ල වුනා. තරගයේ අවසන් දිනය වූ අද දවසේ දී ද තරගය ආරම්භ වෙන්නේ දිවා විවේකයෙනුත් පැයක් ඉක්මවූවාට පසුවයි.
ඒ අනුව තරගය තෙවැනි දිනයට ආරම්භ වෙන්නේ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 239ක් ලබා සිටියදීයි. අයහපත් කාලගුණ තත්ත්වය මත දින 2ක් තිස්සේ පන්දුවට පහර දුන් ඔවුන් අද දවසේ දී ද පන්දු 14කට මුහුණ දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 249ක් ලබා සිටිය දී ඉනිම අත්හිටවීමට තීරණය කරනවා.
ඒ පෙර දිනයේ ලකුණු 44ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි සිතුම් මිහිරංග අද තම අර්ධ ශතකය අවාසනාවන්ත ලෙසින් ලකුණක් මෙපිටින් සිටිය දී අහිමි කර ගැනීමත් සමඟයි. ඔහු ලබා ගත් ලකුණු 49ට පන්දු 167ක් වැය ව තිබූ අතර හතරේ පහර 2ක් ද ඒ අතරට එක් කර තිබුණා.
ඔහු සමඟින් අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි තාරුක සමන්ජිත් ඉනිම අත්හිටුවන විට පන්දු 95කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 74ක්. ඒ සඳහා ඔවුන් පන්දු 186කට මුහුණ දී තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන හිරුෂ ගගනක ලකුණු 89කට කඩුලු 6ක් දවා ගත් අතර අදීශ පබසර ලකුණු 76කට කඩුලු 2ක් ද සහ රදීශ තීක්ෂණ කඩුල්ලක් ද දවා ගත්තා.
- මැංගුස් සටන විනාඩි 100කට සීමා වෙයි
- හිරුෂ මැංගුස් සටනේ පළමු දිනය වර්ණවත් කරයි
- ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයකට!
- 65 වැනි මැංගුස් සටන මොරටුවේ දී
- ඉඳුවරගේ ශතකයෙන් හැඩ වූ තැන තැන Big Match
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කළුතර විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 20ක් වෙද්දී දවා ගැනීමට තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. එතැන් සිට 3 වැනි කඩුල්ලට ලකුණු 23ක සබඳතාවක් පිහිටුවීමට සවිනු ලියනගේ සහ ලිවිරු ප්‍රනාන්දු සමත් වෙනවා.
ඒ අනුව සවිනු ලියනගේ පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද සහ ලිවිරු ප්‍රනාන්දු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා ගන්නවා.
කෙසේ වෙතත් ඉනිමේ 3 වැනි කඩුල්ල ලකුණු 43 දී අහිමි වීමෙන් අනතුරු ව තවත් පන්දු 7ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට දෙන්නේ ලකුණු 2ක් පමණයි.
අනතුරු ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට අදීශ පබසර සහ දේශාන් ආලෝක සමත් වෙනවා. ඔවුන් අතුරින් දේශාන් ආලෝක පන්දු 79කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 21කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
තරගයේ අවසන් පැයේ යැවිය යුතු පන්දුවාර 15න් පන්දුවාර 13ක් යවා තිබිය දී කළුතර විද්‍යාලයීය නායකයා විසින් ඉනිම අත්හිටුවනවා. ඒ වෙද්දී ඔවුන් තම පළමු ඉනිමට ලබා සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු ලකුණු 91ක් පමණයි.
ඒ සමඟින් තරගය අවසන් වෙද්දී අදීශ පබසර පන්දු 95කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව නොදැවී ලකුණු 23ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මලිඳු ඩිල්ශාන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නඳුන් අසේල ද ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- තිස්ස මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 249 (110.4)මල්ෂ කවිශාන් 47, මලිඳු ඩිල්ශාන් 23, උමන්ත ආකාශ් 22, අජිත බුද්ධිල 27, සිතුම් මිහිරංග 49, තාරුක සමන්ජිත් නොදැවී 31, හිරුෂ ගගනක 6/89, අදීශ පබසර 2/76
- කළුතරවිද්‍යාලය– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 91 (52.0) අදීශ පබසර 23, දේශාන් ආලෝක 21, මලිඳු ඩිල්ශාන් 4/29, නඳුන් අසේල 4/43
තරගය විසඳුමක් නෑ.
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – අශේන් ද සිල්වා (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – හිරුෂ ගගනක (කළුතර විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – මල්ෂ කවිශාන් (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)
- තරගයේ විරයා – සිතුම් මිහිරංග (තිස්ස මධ්‍ය මහා විද්‍යාලය)
මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර 15 වැනි වරටත් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ජුනි මස 1 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.