Dialog පාසල් රග්බි ලීගයේ පස් වැනි සතියට අදාළ තරග නිමා වූ සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
තරගාවලියේ මූලික වටයට අදාළ ව තරග ක්‍රියාත්මක වූ අවසන් සතිය වූ මෙම සතියේ දී ඉතා තීරණාත්මක තරග කිහිපයක් ම ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අපරාජිත ව ඉදිරියට යාමට සමත් වීම විශේෂත්වයක්.
සහිරා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය ඉතා තියුණු සහ උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ අතර, පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 22ක් ලබා ගනිද්දී, තර්ස්ටන් ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තර්ස්ටන් ක්‍රීඩකයින් පසු පාදයට ඇද දැමූ සහිරා ක්‍රීඩකයින් තරගය ජය ගැනීමට සමත් වුනේ සමස්ත උත්සාහක දිනුම් 06ක් වාර්තා කර ගනිමිනුයි.
- සහිරා විද්‍යාලට 36 (6T, 3C) – තර්ස්ටන් විද්‍යාලය 28 (4T, 4C)
තරගයේ වීරයා – ශාහිබ් ඉශාන් (සහිරා විද්‍යාලය)
ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
මෙම සතියේ ක්‍රියාත්මක වූ තවත් තීරණාත්මක තරගයක් වූ මෙහි දී තරගයේ පළමු අර්ධයේ සිටම ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය අපරාජිත තරග ස්වභාවය රැක ගැනීම වෙනුවෙන් උපරිම උත්සාහය දැරුවා.
ඒ අනුව තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. මෙහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සුපුරුදු පරිදි ශාන් අල්තාෆ් ඉතා විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වුනා.
- ත්‍රිත්ව විද්‍යාලය 36 (6T, 3C) – ඉසිපතන විද්‍යාලය 12 (2T, 1C)
තරගයේ වීරයා – උදාන් විජේකෝන් (ත්‍රිත්ව විද්‍යාලය)
සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේලස් කුමර විද්‍යාලය
මෙම තරගයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සෑම විටම පෙරමුණේ රැඳෙමින් තරගය ජය ගැනීමට සමත් වුනා. මෙහි දී සතිර ජයතිලක විසින් සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීම විශේෂත්වයක්.
- සාන්ත ජෝසප් විද්‍යාලය 41 (7T, 3C) – වේල්ස් කුමර විද්‍යාලය 10 (1T, 1C, 1P)
තරගයේ වීරයා – සතිර ගුණතිලක (සාන්ත ජෝසප් විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ශ්‍රී සුමංගල විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය
මෙම තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලබා දුන් විශිෂ්ටතම නැවත නැවත නැගී සිටීමේ අවස්ථාව තමන්ගේ කර ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් විසින් එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකිව අසරණ වන අතරේ, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ සියල්ල කණපිට හැරවීමට ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් සමත් වුනේ උත්සාහක දිනුම් 05ක් සමඟ ලකුණු 33ක් ලබා ගනිමිනුයි.
මෙහි දී ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් පසිඳු බණ්ඩාර සහ පසිඳු සමරකෝන් උත්සාහක දිනුම් ද්විත්වය බැගින් වාර්තා කිරීමට සමත් වුනා.
- ශ්‍රී සුමංගල විද්‍යාලය 33 (5T, 4C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 24 (4T, 2C)
තරගයේ වීරයා – පසිඳු බණ්ඩාර (ශ්‍රී සුමංගල විද්‍යාලය)
රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය
මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ තවත් උණුසුම් තරගයක් ලෙස මෙය සැලකිය හැකි. මෙම තරගයේ පළමු අර්ධය තුළ රාජකීය විද්‍යාලය විසින් ලකුණු 19ක් ලබමින් ඉහළ දක්ෂතා දක්වමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ අතර, සාන්ත තෝමසුවන් විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී රාජකීය ක්‍රීඩකයින් තවත් ලකුණු 10ක් ලබාගනිද්දී, ඔවුන්ට ඉහළ මට්ටමේ සටනක් ලබා දුන් තෝමසුවන් විසින් තවත් ලකුණු 17ක් ලබාගත්ත ද එය තරගය ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.
- රාජකීය විද්‍යාලය 29 (5T, 2C) – සාන්ත තෝමස් විද්‍යාලය 24 (4T, 2C)
තරගයේ වීරයා – කවන් ඒකනායක (රාජකීය විද්‍යාලය)
කිංග්ස්වුඩ් විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, අවසානයේ දී මෙම තරග වාරය සඳහා සිය පළමු ජය වාර්තා කිරීමට කිංග්ස්වුඩ් විද්‍යාලය විසින් සමත් වුනා.
- කිංග්ස්වුඩ් විද්‍යාලය 25 (3T, 2C, 2P) – විද්‍යා විද්‍යාලය 21 (3T, 3C)
තරගයේ වීරයා – ශමිත් ශෆ්‍රාස් (කිංග්ස්වුඩ් විද්‍යාලය)
සාන්ත පීතර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
මෙවර තරගාවලියේ තවත් උණුසුම් තරගයක් වෙනුවෙන් ප්‍රබල පාසල් දෙකක් තරග බිමට ප්‍රවිෂ්ට වුනා. තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබාගනිද්දී, වෙස්ලි විද්‍යාලය ලකුණු 08ක් ලබමින් ඉහළ තරගයක් ලබා දුන්නා.
තරගයේ දෙවැනි අර්ධය තුළ පාසල් දෙකම තවත් ලකුණු 05 බැගින් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනේ එකිනෙකා අබිබවා යාමට තියුණු සටනක් ලබා දෙමිනුයි.
කෙසේ වෙතත් අවසානයේ තවදුරටත් තරගාවලිය තුළ අපරාජිත ව සිටීමට සාන්ත පීතර ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
- සාන්ත පීතර විද්‍යාලය 17 (3T, 1C) – වෙස්ලි විද්‍යාලය 13 (2T, 1P)
තරගයේ වීරයා – රශ්වින් සාබර් (සාන්ත පීතර විද්‍යාලය)
ආනන්ද විද්‍යාලය සහ මහානාම විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තරගයේ පෙරමුණ ලබමින් ආනන්ද ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගනිද්දී, මහානාම ක්‍රීඩකයින් විසින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධයත් පළමු අර්ධය ලෙසින් ම ක්‍රියාත්මක වූ අතර, එහි දී ආනන්ද ක්‍රීඩකයින් තවත් ලකුණු 15ක් ලබා ගනිද්දී, මහානාම ක්‍රීඩකයින් තවත් ලකුණු 07ක් වාර්තා කළා.
- ආනන්ද විද්‍යාලය 31 (5T, 3C) – මහානාම විද්‍යාලය 14 (2T, 2C)
තරගයේ වීරයා – චතුර ආරියවංශ (ආනන්ද විද්‍යාලය)
ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය
තරගයේ පළමු අර්ධය තුළ ඩී. එස් ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබමින් ඉතා ඉහළ ඉදිරියක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාලසීමාව තුළ ලුම්බිණි ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ලුම්බිණි ක්‍රීඩකයින් තවත් ලකුණු 12ක් වාර්තා කිරීමට සමත් වුනේ ඩී.එස්.ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 05ක් පමණක් ලබාගන්නා අතර තුරේදියි.
ඩී. එස්. ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධය තුළ මද පසුබෑමක් දැක් වූ නමුත්, තරගයේ පළමු අර්ධය තුළ ලද ලකුණු ප්‍රමාණය හේතුවෙන් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- ඩී.එස්.සේනානායක විද්‍යාලය 24 (4T, 2C) – ලුම්බිණි විද්‍යාලය 19 (3T, 2C)
තරගයේ වීරයා – ප්‍රවීන් ලක්මාල් (ඩී.එස්.සේනානායක විද්‍යාලය)
පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<



















