හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන “ශූරයන්ගේ සංග්‍රාමය” මංගල වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 02 සහ 03 වැනි දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම මංගල මහා ක්‍රිකට් තරගයේ සත්කාරක කණ්ඩායමේ නායකත්වය චමත්ක කවිශාන් විසින් ද ඔහුගේ සහායකයා ලෙසින් රංසර දේශාන් ද කටයුතු කරයි. සංචාරක කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනුක ධනංජය වෙත පැවැරී ඇති අතර එහි උප නායකත්වය හිමි ව ඇත්තේ සුපුන් සුදීර වෙතයි.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වු හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ එළැඹෙන වසරේ දී 2 වැනි කොටස දක්වා උසස් වීම් ලබා ගනිමින් මෙම තරගය හා එක් වෙනවා. .
ඔවුන් මෙවර තරගාවලියේ අපරාජිත ව මෙම තරගාවලිය අවසන් කිරීම ද විශේෂත්වයක්. එහි දී ඔවුන් බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව කඩුලු 7ක ජයක්, රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 95ක ජයක්, බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 130ක ජයක්, බණ්ඩාරවෙළ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 52ක ජයක්, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ලකුණු 137ක ජයක්, හම්බන්තොට සාන්ත මරියා විද්‍යාලයට එරෙහි ව ලකුණු 84ක ජයක්, මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 219ක ජයක්, ජා-ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහි ව කඩුලු 10ක ජයක්, මාතර රාහුල විද්‍යාලයට එරෙහි ව කඩුලු 7ක ජයක්, තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහි ව ලකුණු 173ක ජයක්, හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව ලකුණු 130ක ජයක් සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලෙසින් තරගාවලියේ පළමු වටය අවසන් කරනවා.
ඉන් අනතුරු ව ඔවුන් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 10ක ජයක් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහි ව කඩුලු 9ක ජයක් ද සහ අවසන් පූර්ව වටයේ දී යාපනය හින්දු විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 127ක ජයක් ද ලබා ගනිමින් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නවා. හලාවත සාන්ත මරියා විද්‍යාලය හා පැවැති එම තරගයේ දී ඔවුන්ට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින් හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය තරගාවලිය අවසන් කරනවා.
මෙවර හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය මෙහෙයවීමේ වගකීම චමත්ක කවිශාන් සතු වෙන අතර ඔහු මෙවර තරග වාරයේ දී තරග 17ක ඉනිම් 24ක දී ශතකයක් සමඟින් ලකුණු 561ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන ඔහු දවා ගැනීම් 40කට සහයෝගය දක්වා තිබෙනවා.
කණ්ඩායමේ වැඩි ම ලකුණුලාභියා වෙන්නේ උප නායක රංසර දේශාන්. ඔහු තරග 17ක ඉනිම් 27ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 872ක් ලබා ගන්නවා. පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු කඩුලු 21ක් ද දවා ගන්නවා.
කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයා වෙන්නේ තරුන් දම්සිත්. ඔහු තරග 17ක ඉනිම් 25ක දී ලකුණු 381ක් ලබා ගන්නා ලද අතර පන්දු යැවීමේ දී කඩුලු 100ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඔහුට අමතර ව ශානුක දෙනුවන් ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙනවා. වමත් පිතිකරුවෙක් වන ඔහු තරග 16ක ඉනිම් 21ක දී ලකුණු 419ක් ලබා ගන්නා ලද අතර වමතින් දඟ පන්දු යවමින් කඩුලු 57ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ලකිත් නේමින්ද ද කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු මෙම තරග වාරයේ දී ලකුණු 234ක් සහ කඩුලු 25ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
පිතිකරුවන් අතර රවිඳු තීක්ෂණ ට හිමි වෙන්නේ ඉහළ ඇගයීමක්. ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 496ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව කෞශල්‍ය සාරංග ලකුණු 211ක් ලබා ගනිමින් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වද්දී පන්දු යවන්නන් අතුරින් වමතින් දඟ පන්දු යවන සංජන නෙතුපුල් කඩුලු 89ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමත්ක කවිශාන් (නායක), රංසර දේශාන් (උප නායක), රවිඳු තීක්ෂණ, තරුන් දම්සිත්, ලකිත් නේමින්ද, ශනුක දෙනුවන්, පමෝද් හිම්සර, කෞශල්‍ය සාරංග, සංජන නෙතුපුල්, සුරන් හිරුෂ, දෙනෙත් ආලෝක, සෙනිත දිනුදික, චමුදු දනංජය, දිනෙත් ඔශද, සසාන් නිමන්දිත්, රවිඳු දිල්සර, ජමිත් මදුභාෂණ.
කැලුම් ප්‍රියදර්ශන (ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් දිසානායක (ප්‍රධාන පුහුණුකරු), පසන් කලංසූරිය (සහාය පුහුණුකරු),
- ඉඳුවරගේ ශතකයෙන් හැඩ වූ තැන තැන Big Match
- සිංහ සහ බංගලි කොටි පැටවුන්ගේ එක්දින අරගලය
- ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී
- අම්බලන්ගොඩ සුනිල සංග්‍රාමයට කඳවුරු සූදානම්
- පිට පිට තරග 10ක් ජයගත් සුමඟුල් ක්‍රිකට් වරුණ
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය
මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ 2 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය එහි තරගකාරී කණ්ඩායමක් ලෙසින් තරගාවලිය නිමා කරනවා.
එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ දිනුක ධනංජය වෙතයි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 680ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.
ඊට අමතර ව කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවන් ලෙසින් උප නායක සුපුන් සුධීර, කුළිඳු සේමික සහ ලසිඳු චමෝද් රැඳී සිටිනවා.
ඒ අතුරින් සුපුන් සුධීර ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 508ක් ද, කුළිඳු සේමික අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 479ක් ද සහ ලසිඳු චමෝද් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 382ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම සිටින අතර ඒ අතුරින් වඩාත් ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා වෙන්නේ අශේන් රන්දිනූ. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 244ක් ද පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 79ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ඊට අමතර ව ලසිඳු චමෝද් ලකුණු 382ක් සහ කඩුලු 22ක් ද, රවිඳු තේජාන් ලකුණු 262ක් සහ කඩුලු 35ක් දවා ගනිමින්ද දක්ෂතා දක්වා තිබෙනවා.
පන්දු යවන්නන් අතරින් චලන අවිශ්ක කඩුලු 30ක් දවා ගනිමින් ද සහ මතීෂ ප්‍රදීප්ත කඩුලු 25ක් දවා ගනිමින් ද ඉදිරියෙන් සිටින අතර ලෝචන රවිඳු සහ සඳුෂ ශනිල්ක ද විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිනුක ධනංජය (නායක), සුපුන් සුදීර (උප නායක), අශේන් රසිඳු, කුළිඳු සේමික, චලන අවිශ්ක, ලසිඳු චමෝද්, විහඟ කාව්‍ය, මතීශ ප්‍රදීප්ත, ලෝචන රවිඳු, රවිඳු තේජාන්, චමිඳු ලක්මාල්, ශෂීන් විමෝද්, සදුෂ ශනිල්ක, කවීෂ සංදීප, ඉඳුවර ගිම්හාන්, බෙනුක රෙහාන්, රවීන් තීක්ෂණ , පබසර බණ්ඩාර, සඳරු තරුනෙත්, ඔෂාන් චතුන්ක.
දිලිප් කුමාර (විදුහල්පති), ප්‍රභාත් චතුරංග (ක්‍රිකට්භාර ආචාර්ය), රංග සුරේෂ් (ප්‍රධාන පුහුණුකරු), දනුෂ ලක්ෂාන් (සහාය පුහුණුකරු).
පළමු වරට පැවැත්වෙන ශූරයන්ගේ සංග්‍රාමයට එක් වෙන හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















