කොළඹ මහනගර සභාවට වසර 150 ක් සැපරිම නිමිතිකොට ගෙන කොළඹ මහනගර සභාව සහ ඩයලොග් ආසියාටා සමාගම සමග එක්ව සංවිධානය කරන ලදනගරාධිපති කුසලාන පාපන්දු තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් වුයේ තරගාවලි ජය සොන්ඩර්ස් පාපන්දු සමාජයට හිමිකර දෙමිනි.

අවසන් මහා තරගයේදී ගෝල 3-0 ලෙස ප්‍රවේගකාරි ජයක් ලැබ ශුරතාව තමන් සතුකරගන්නට සොන්ඩර්ස් පිළ සමත් විය. එහිදි සොන්ඩර්ස් පිළ වෙනුවෙන්රොහාන් දිනේෂ්,සී. අබේසේකර සහ එම්.මූසා ගෝල එක බැගින් වාර්තා කිරිමට සමත් වූ අතර සොන්ඩර්ස් ක්‍රීඩකයින් ප්‍රතිවාදින් හට එකදු ගෝලයක් හෝ ලැබිමටඉඩ නොතැබුහ.
තරගාවලියේ ජය සංකේත ප්‍රධානොත්සවය සදහා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල්,නියොජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා සහ ඩයලොග් ආසියාටා සමාගමවෙනුවෙන් එහි මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක ආදි මහත්ම මහත්මියන් එක්ව සිටියේය. ජයග්‍රාහී සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයට මුදලින් ලක්ෂ 5ක් සමගින්ශුරතා කුසලානය ද ,අනුශුරයන් ට මුදලින් ලක්ෂ 3ක් සමගින් අනුශුරතා කුසලානය ද පිරිනැමිණි. තරගාවලියේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සොන්ඩර්ස් පාපන්දුසමාජයේ රසීක් රිෂාඩ් සම්මාන ලැබිය.























