අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉහලම කාණ්ඩය තුල වසර 2ක් හොඳ තරගයක් දීමෙන් පසු ඉහල අත්දැකීම් සහිත කණ්ඩායමක් සමඟින් මෙවර සටනට පිවිස සිටින කොළඹ වෙස්ලි විද්‍යාලය එම අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් සටන්කාමී 2017 වසරක් සඳහා සූදානමින් සිටියි.

සහිරා විදුහල නැවතත් අතීත ජයග්‍රහණ මාවතේ

වසර 90ක ශ්‍රේෂ්ඨ තරග ඉතිහාසයකට උරුමකම් කියන සහිරා විදුහල, දිවයිනේ පාසල් රග්බි ක්‍රීඩාව ඇරඹීමට උර දුන් ප්‍රධාන පාසල් සතරෙන් එකකි..

රග්බි ඉතිහාස පොතෙන් බිඳක්

රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් වසර 60ක ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ වෙස්ලි විද්‍යාලය මෙරට රග්බි කරලියට නිහඬ සේවයක් ඉටු කළ පාසලක් ලෙස හැඳින්විය හැක. වෙස්ලි බිමෙන් ශ්‍රී ලංකා ජාතික රග්බි කරළියට තිලිණ කෙරුණු ක්‍රීඩකයන් අතර හෙන්රි ටෙරන්ස්, රාහුල් ද සිල්වා, සුබයර් දූරායි සහ කිෂන් මුසාෆර් ද වන අතර පසුගිය වසරේ වෙස්ලි නායක සයාන් සාබර් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරද්දී විඟර් ක්‍රීඩක චාමික කුසල් වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායම නියෝජනය කරන ලදි.

2013 වසරේ දී නැවත වරක් පළමු කාණ්ඩයේ තරගාවලියට පිවිසීමේ අවස්ථාව උදා කර ගත් වෙස්ලි විද්‍යාලය එම කාණ්ඩයේ හිණිපෙත්තට ලඟා වූයේ රාහුල් ද සිල්වාගේ නායකත්වය යටතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවා ජනාධිපති කුසලාන රග්බි ශූරතාව දිනා ගැනීමත් සමඟයි.  එතැන් පටන් වෙස්ලි ක්‍රීඩකයන් මෙරට පාසල් රග්බි ක්‍රීඩාවේ ඉහලම කණ්ඩායම් අතර තම නම රඳවා ගන්නට සමත්ව සිටියි.

පසුගිය වසරේ දස්කම්.

පසුගිය වසරේ කුසලාන ශූරතා සටනේ රැඳී සිටින්නට සමත් වුවද වෙස්ලි විද්‍යාලය තරගාවලිය අවසන් කලේ 8 වන ස්ථානයටයි. ඔවුන් එහි දී සහභාගී වූ තරග 9න් ජය ගත්තේ තරග 2ක් පමණයි. කෙසේ වෙතත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සමඟ පැවැත්වෙන වාර්ෂික බ්ලේස් කුසලාන තරගය ජය ගන්නට ඔවුන් සමත් විය.

පසුගිය වසරේ තරගාවලිය අරඹමින් වෙස්ලි විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟින් තරග වැදුණු අතර එම තරගය ලකුණු 7 – 5ක් ලෙස පරාජය වුවද, ප්‍රබල ත්‍රිත්ව කණ්ඩායමට අවසන් මොහොත වන තෙක් අමතක නොවන සටනක් දීමට වෙස්ලි ක්‍රීඩකයන් සමත් විය. මෙවර තරගාවලියේ ආරම්භක තරගයේ දී ද වෙස්ලි විද්‍යාලයේ ප්‍රතිවාදීන් වන්නේ ත්‍රිත්ව විද්‍යාලයම වීම විශේෂත්වයක්.

අවධානය යොමු වන ක්‍රීඩකයන්.

Denister Goonethilake

ඩෙනිස්ටර් ගුණතිලක: මෙවර වෙස්ලි කණ්ඩායමේ නායකත්වය පිළිබඳ වගකීම ද පැවරී ඇති ඩෙනිස්ටර් ගුණතිලක අවසන් වසරේ ක්‍රීඩකයෙකි. අනෙකුත් ත්‍රී-ක්වාටර් ක්‍රීඩකයන් සමඟ මනාව සංකලනය වී සිටින ඔහු මෙවර වෙස්ලි කණ්ඩායම ඉදිරියට ගෙන යාමේ වගකීම ඉටු කිරීම සඳහා සූදානමින් සිටියි.

Avantha Lee

අවන්ත ලී: පාසල් රග්බි පිටියේ ප්‍රවේගකාරී ද්විත්වය‘ (dynamic-duo) ලෙස හැඳින්වෙන ලී සහෝදරයන් නායක ගුණතිලක සමඟ පිටියේ මධ්‍ය ප්‍රදේශයේ පන්දු හැසිරවීම සඳහා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරයි. තම තුන්වන සහ අවසන් වසර සඳහා ක්‍රීඩා කරන අවන්ත තම පාසල් රග්බි දිවියට ජයග්‍රාහී අවසානයක් සනිටුහන් කිරීමේ අධිෂ්ඨානයෙන් පසුවනු ඇති.

Avishka lee

අවිශ්ක ලී: අනෙක් ලී සොහොයුරා වන අවිශ්ක පසුගිය වසර දෙක පුරාවටම කණ්ඩායමේ දක්ෂ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරයි. ඔහුගේ වේගවත් සහ නම්‍යශීලී සිරුරත් ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවත් මගින් වෙස්ලි විද්‍යාලයේ ජය මාවත එළි පෙහෙළි කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.

Vimu Gamage

විමූ ගමගේ : පසුගිය වසරේ වෙස්ලි කණ්ඩායමේ ෆ්ලෑන්කර් ක්‍රීඩකයා ලෙස කටයුතු කළ විමූ ගමගේ කණ්ඩායමේ සිටින වඩාත්ම අත්දැකීම් සහිත ක්‍රීඩකයන් අතර මුල් තැනක් ගනී. ඔහුගේ දක්ෂතා මෙවර ද වෙස්ලි කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇති.

පුහුණු කාර්ය මණ්ඩලය.

වෙස්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජීවන් ගුණතිලක බහුල වූ අත්දැකීම් ඇති පුහුණූකරුවෙකි. ඔහුටගේ සහයට පෙර පෙළ ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා බොතේජු සහ පසුපෙළ ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා ෂෙරිෆ් ද සිටින අතර, ඔවුන් සියලු දෙනා මීට පෙර ද එක්ව කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාවත් සමඟ වෙස්ලි විද්‍යාලය ඉදිරියට ගෙන යාමේ වගකීම මනාව ඉටු කිරීමට හැකි වනු ඇති
[a-team-showcase-vc ats_team_id=”2161598″]