Video – ‘අවුරුදු 10ක් බලන් හිටියා මම මේ අවස්ථාව ලැබෙනකන්’ – භානුක රාජපක්ෂ

210

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (7) ලාහෝර් හි පිහිටි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 35ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට සමත් වුනා. දෙවන තරගයේ දී පන්දු 48කදී ලකුණු 77ක් ලබාගෙන පාකිස්තානයට එරෙහිව දැනට පැවති 20-20 තරගයකදී ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරගත් ක්‍රීඩකයා බවට පත්වූ භානුක රාජපක්ෂ තරගය පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

>>භානුක ඇතුළු සිංහ පැටව් විස්සයි විස්ස තරගාවලි ජය ලබති!<<

>>PAKvSL<<