Video – ආසියාව ජය ගන්න සවි ඔසවන්නන් සූදානම්

537

මාර්තු මස 12 වැනිදා සිට17 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී පැවැත්වෙන 2019 ආසියානු සවි එසවීම් ශූරතාවයට සහභාගී වීම සඳහා එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා පිටත්ව ගියේය.

2017 වසරේ දී පැවතී ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූ අතර එහි දී කණ්ඩායම් නායක රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 120 බරපන්තියේ ආසියානු ශූරයා ලෙස කිරුළු පැලඳීමට සමත් වූයේ ඔහු සතු ආසියානු ඩෙඩ් ලිෆ්ට් (Dead Lift) වාර්තාව ද සම කරමිනි.

මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර දී පැවැත්වෙන ආසියානු ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 4 දෙනෙකු ද ඇතුළත් වීම විශේෂ කරුණකි. මේ අතර පසුගිය දා මොන්ගෝලියාවේ දී පැවැත්වුණු සවි එසවීම් ශූරතාවයේ දී රන් පදක්කමක් දිනා ගත් මේරියන් ඩි සොයිසා මෙවරත් ශ්‍රී ලාංකීය පදක්කම් බලාපොරොත්තු අතර ප්‍රමුඛ ස්ථානය ගන්නා ක්‍රීඩිකාවකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක 2019 ආසියානු සවි එසවීම් ශූරතාව පිළිබදව ThePapare.com වෙත දැක්වූයේ මෙවන් අදහසක්.