“අව්වට තියා අලින්ටවත් නැවතිය නොහැකි අධිෂ්ඨානයක්”

390

කොළඹින් කිලෝ මීටර් 337ක් එහා තියෙන අම්පාරෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ඉන්නවා. පළාතේ තියෙන දුෂ්කරතාත් එක්ක ශ්‍රී ලංකාවට විශේෂ දස්කම් තියෙන ක්‍රීඩකයන් බිහිකරන්න අම්පාරට හැකිවෙලා තියෙනවා. ThePapare.com අපට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගෙම එක වගේ වැදගත්. ඒ නිසයි අම්පාරේ අභිමානය අරන් කොළඹට ආපු අම්පාර ඩී.එස්. සේනානායක විදුහලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවෙලා කතාබහ කරන්න ThePapare.com අපි වෙලාව වෙන්කර ගත්තේ.