12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය වු අද දවස අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 11ක් රිදි පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 23ක් සමඟ සමස්ථ පදක්කම් 61ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. පලමු තැනෙහි ඉන්දියාව පසුවෙයි.

ලංකාව පිහිනුම්, පාපැදි සහ බර ඉසිලිමේ ඉසව් තුළින් රන් පදක්කම් 02ක් රිදි පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගන්නට අද සමත් විය.

පිහිනුම් අංශය

 දකුණු ආසියානු තරඟාවලියේ සියළු තොරතුරැ 

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 පිහිනුම් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ මැතිව් අබේසිංහ සමත් විය. එසේම  කාන්තා මීටර් 100 පිහිනුම් ඉසව්වේ රන් පදක්කමද ශ්‍රී ලංකාව නියෝජනය කළ කිමිකෝ රහීම් විසින් දිනාගන්නට සමත් විය.

පාපැදි ධාවන අංශය

 පළමු හා දෙවන දිනයන් හි තරඟ වාර්තාවට මෙතනින් පිවිසෙන්න 

කාන්තා පාපැදි කිලෝමීටර 40 කාලය ගණනය කිරිමේ ඉසව්වේ රිදි පදක්කම ශ්‍රී ලංකාව නියොජනය කරමින් සහභාගි වු ලසන්ති ගුණසේකරට   හිමිවිය. විනාඩි 59 තත්පර 23 කදි තරඟය නිම කළ ඉන්දියාවට එහි රන් පදක්කම හිමි වු අතර පැය 1යි විනාඩි 02 තත්පර 07කින් තරඟය නිමකළ ශ්‍රී ලංකාවට එහි රිදි පදක්කමත් පකිස්ථානයට එම ඉසව්වේ  ලෝකඩ පදක්කමත් හිමිවිය.

එසේම  පිරිමි පාපැදි කිලෝමීටර  70 කාලය ගණනය කිරිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. එහි රන් හා රිදි පදක්කම් පිළිවෙළින්  ඉන්දියාව  හා පාකිස්තානය  දිනා දිනා ගැනීමට සමත් විය.

බර ඉසීලීමේ අංශය

පිරිමි කිලෝග්‍රෑම් 85 බර පංතිය යටතේ තරඟ කළ රොමේෂ් සමරසේකර කිලෝග්‍රෑම් 265 ක සමස්ථ බරක් ඔසවමින් එම ඉසව්වේ  ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. අශානි වික්‍රමසිංහ කිලෝග්‍රෑම් 90 ක බරක් ක්ලින් ඇන්ඩ් පර්ත් ක්‍රමයට සහ  කිලෝග්‍රෑම්  70 බරක් ස්නැච් ක්‍රමයටත්, සමස්ථ කිලෝග්‍රෑම් 160 බරක් ඔසවමින් එම ඉසව්වේ  රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.