ක්‍රිකට් පිටියේ සිංහ සලකුණ පර්සි

774

ඔබ ක්‍රිකට් ලෝලියෙක් නම් මේ සොඳුරු මිනිසා ඔබ නිසැකවම ක්‍රීඩා පිටිය තුල දැක ඇතුවාට සැකයක් නැත. තමන්ගේ ජීවිතයෙන් හරි අඩක්ම මව්බිම වෙනුවෙන් සිංහ ධජය සිය උර මත තබා ගෙන එදා මෙදාතුර ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් දිරි ගැන්වූ ඔහු නමින් වලිමුණි ඩෙන්හම් පර්සි ජිම්සන් මෙන්ඩිස් අබේසේකර නොහත් ලාංකීය රසිකයින් හඳුනන “පර්සි අබේසේකර” ය.

Free Hit ලිපියේ දායකත්වය – චරිත් මධුසංක

1936 ජූලි මස 30 වැනිදා ඩේලි මාගරට් ද සොයිසා සිරිවර්ධන හා වලිමුණි සයිමන් මෙන්ඩිස් අබේසේකර දෙදෙනාට දාව පවුලේ පස්වැන්නා ලෙස පර්සි උපත ලැබුවේ ගාල්ල බූස්සේ දී ය.  

පවුලේ පස්වැන්නා ලෙස උපත ලැබූ ඔහු කුඩා කල සිට ක්‍රිකට් ක්‍රීඩාවට මහත් ඇල්මක් දක්වන ලදි. ගාල්ල රිච්මන්ඩ්, සාන්ත ඇලෝසියස් හා බද්දේගම රතනසාර විදුහල් තුලින් ඔහු සිප්සතර හදාරා ඇත.

වයස 12 දී තම පළමු ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එවකට පාසල් සිසුවෙකු වූ පර්සි ගොස් ඇත්තේ ගාල්ලේ සිට දුම්රියෙන් සිය සහෝදරයෙක් සමඟය. ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ බොරැල්ල පී සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවති තරගයකටය.

ඩිල්ශාන්ගේ තැන ගන්නට කළුතරින් බිහිවෙන පුංචි තරුව ‘විශාර’

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ…

පාසල් අවදියේ සිටම ක්‍රිකට් තරග නැරඹීම විනෝදාස්වාදයක් කර ගත් ඔහු අද වන විට ක්‍රිකට් පිටිය තුල ලාංකීය අභිමානය මුළු ලොව පුරා විහිදුවීමට සමත්ව ඇති චරිතයකි.

වර්ෂ 1961 දී ඇසොසිඒටඩ් මෝටර්වේස් සමාගමේ තොග පාලන නිලධාරියෙකු  ලෙස සේවයට එක්වූ පර්සි, පසුකලෙක එම සමාගමේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සමඟ සම්බන්ධ විය. ඒ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඔහු තුල තිබූ දැඩි කැමැත්ත නිසාවෙනි.

1954 ඕස්ටේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඔහුට කිසිදින අමතක නොවන තරගාවලියක් බවට සැකයක් නැත. එදා මෙදා තුර ලොව බිහි වූ අග්‍රගණ්‍ය පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් නායකත්වය ලබා දුන් එම සංචාරයේ ඕවල් ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ජයවීර අර්ධ ශතකය ලබා ගැනීමෙන් අනතුරුව, ඔහුට සුබ පැතීම සඳහා ක්‍රීඩා පිටිය තුලට නොයන ලෙසට එවකට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජෝසප් මහතා නියෝග කර තිබුනත් එම නියෝගයට ඇහුම්කන් නොදෙමින් පර්සි ක්‍රීඩා පිටිය තුලට ඇතුළු වී අසිත ජයසේකරව වැළඳ ගෙන සිය සතුට පල කළේය.

අවසානයේ එහි ප්‍රතිඵලය වූයේ බොරැල්ල පොලිස් සිර මැදිරියක් තුල කාලය ගත කිරීමට ඔහුට සිදුවීමයි. පසුව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන සතාසිවම් මහතා රාත්‍රියේ බොරැල්ල පොලිසිය වෙත පැමිණ රු 100.00 දඩ මුදලක් ගෙවා ඔහුව නිදහස් කර  නිවසට පිටත් කරන ලදි.

කෙතරම් බාධක පැමිණියත් තම ජීවිතයේ වඩාත් ආදරය කරන ක්‍රීඩාව කෙදිනකවත් හැර නොයන්නට ඔහු තීරණය කර තිබූ අතර ක්‍රීඩකයින්ගේ  ඇඟට වදින්නට ඔහුගේ වචන බල සම්පන්න විය. අපේ ක්‍රීඩකයින් නිතරම දිරි ගැන්වීම ඔහු තුලින් සිදු විය. ප්‍රතිවාදීන්ට නම් එය නුරුස්සන දෙයක් විය. ඔවුන් විටෙක ඔහු සමඟ කෝපාවිෂ්ට විය.

වරක් ඔහු ඕස්ට්‍රේලියානු සුපරි ක්‍රීඩකයෙක් වූ ඩේවිඩ් බූන් සමඟත් ගැටුමක් ඇති කර ගත්තේය. කුකුල් කේන්තිකරුවකු වූ බූන්ට පර්සිගේ වචන එතරම් දිරෙව්වේ නැත. එම තරගයේ දී බූන් ඉක්මණින්ම දැවී ගියේය. ක්‍රීඩාගාරය වෙත පිවිස සිටි බූන් දුටුවේ පර්සි වය, තරහ කාරයකු වූ ඩේව්ඩ් බූන් ඔහු පසුපස හඹා ආවේ පහර දී මට මෙනි. නමුත් පසුව දෙදෙනා සුහද විය.

තරග නරඹන්නෙකු  ලෙස පළමු වරට විදෙස් සංචාරයක් සඳහා පර්සි අබේසේකර පිටත් වන්නේ 1979 වර්ෂයේ දී ය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා ය.

තම පළමු විදෙස් සංචාරය ඔහුට කිසිදින අමතක නොවන සංචාරයක් වන්නේ ඔහු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා සිංහ ධජයක් රැගෙන යාම නිසාවෙනි. එම සිංහ ධජය ඔහු මිල දී ගෙන තිබුණේ රු. 80.00ක මුදලකටය. එදා සිට අද දක්වා පුරා හතලිස් වසරක් තම මව්බිමේ ක්‍රීඩකයින් දිරි ගැන්වීම සඳහා යෑමේ දී කිසි දිනක සිංහ ධජය රැගෙන යාමට මේ සොඳුරු මිනිසා අමතක කරන්නේ නැත.  

තම පළමු විදෙස් සංචාරයෙන් වසර 5කට පමණ පසු ඔහු නැවත වරක් 1984 දී එංගලන්තය බලා පිටත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම සමඟ ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් පිටියේ  පැවති ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ය.

කිසි දින අමතක නොවන අඳුරු සිදුවීමකට මුහුණ දීමට එදා ලෝඩ්ස් පිටියේ දී පර්සි අබේසේකරට සිදු විය. ඔහු වෙනදා මෙන් සිංහ ධජය රැගෙන පිටිය පුරා ඇවිදිමින් සුපුරුදු ලෙස තම මව්බිමේ ක්‍රීඩකයන් දිරිගන්වමින් සිටින අතරතුර නොසිතූ මොහොතක බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී (LTTE) සංවිධානයට සම්බන්ධ කොටි සාමාජිකයින් 20ක් පමණ එක් වරම ක්‍රීඩා පිටියට පැමිණ ඔහුට බාධා කිරීම හේතුවෙන්  පසුව එරට ආරක්ෂක අංශ මැදිහත් වී ගැටුම නිරාකරණය කළේය.

එම සිදුවීමෙන් පසු ලෝඩ්ස් ක්‍රීඩා භුමිය තුලට ක්‍රීඩාලෝලීන් හට තම රටේ ජාතික ධජ,  බැනර්, පෝස්ටර් රැගෙන යාම එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජය විසින් තහනම් කළ අතර අදටත් එම නීතිය එලෙසම ක්‍රියාත්මක ය.

කෙතරම් බාධක පැමිණියත් ක්‍රිකට් තරග නැරඹීම අත්නොහල මේ අපූරු මිනිසා එදා සිට අද දක්වාම රට වෙනුවෙන් තම ජීවිතයේ හරි අඩක්ම ලාංකීය ක්‍රිකට් පුතුන්ට ශක්තියක් වෙමින් ලොව පුරා අප රටේ අභිමානය රැගෙන ගොස් තිබේ.

වරක් හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වූ නැසී ගිය ගාමිණි දිසානායක මහතා කියා සිටියේ පර්සි උඹ නැත්නම් මේ ටුවර් එකෙන් වැඩක් නෑ කියා ය. ඔහු මේ  රටේ සංකේතයක් බව ඔහුත් එදා සිට දැනගෙන සිටින්නට ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<