DRL හත්වැනි සතිය: කොළඹ නුවර සටනින් ජය කාටද?

94

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරග එළඹෙන සිකුරාදා (17) සහ සෙනසුරාදා (18) පැවැත්වීමට නියමිතයි.

හයවැනි සතියේ මැතීස් කුසලානය වෙනුවෙන් පැවති ගුරු-ගෝල සටනින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 30-22ක් වශයෙන් CR&FC පරාජය කිරීමෙන් අනතුරුව මේ සතියේ දී ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජය හමුවීමට සූදානමින් සිටියි.

ලකුණු පුවරුවේ පළමුවැනි සහ දෙවැනි ස්ථානවල පසුවන ප්‍රබලතම කණ්ඩායම් දෙක ගැටෙන මෙම තරගයෙන් වැඩි වාසිය තිබෙන්නේ මහනුවර ක්‍රීඩා සමාජයට වුවත්, පසුගිය සතියේ CR&FC කණ්ඩායමට එරෙහි තරගයෙන් අනතුරුව හැව්ලොක් ක්‍රීඩා සමාජය ද සුලු කොට තැකීමට නොහැකි කණ්ඩායමක් බවට පත්වී ඇත.

කොළඹ – මහනුවර ගැටෙන සංග්‍රාමයේ පසුගිය වසර වල ලකුණු තත්වයන් පහතින්.

2016/17 තරග වාරය –

  • පළමු වටය – මහනුවර ? 39 – 30 හැව්ලොක්
  • දෙවැනි වටය – හැව්ලොක් 11 – 26 මහනුවර ?

2017/2018 තරග වාරය –

  • පළමු වටය – හැව්ලොක් 09 – 20 මහනුවර ?
  • දෙවැනි වටය – මහනුවර ? 30 – 28 හැව්ලොක්

2018/19 තරග වාරය –

  • පළමු වටය – මහනුවර ? 31 – 21 හැව්ලොක්
  • දෙවැනි වටය – හැව්ලොක් ? 28 – 26 මහනුවර
  • සුපිරි වටය – හැව්ලොක් 19 – 21 මහනුවර ?

අවසන් වරට මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ තරග 7න් 6ක්ම මහනුවර කණ්ඩායම විසින් ජය ගෙන ඇති අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. අනෙක් තරගවල දී කෙසේ වෙතත් තීරණාත්මක තරගවල දී වෙනස්ම මුහුණුවරකින් තරගයට අවතීර්ණ වීම හැව්ලොක් ක්‍රීඩා සමාජයට ආවේණික ලක්ෂණයකි.

අත්දැකීම් බහුල CR&FC කණ්ඩායම නවක සහ තරුණ ක්‍රීඩකයින් පිරිසක් නියෝජනය කරන හැව්ලොක් විසින් පරාජය කිරීමෙන් අනතුරුව එළඹෙන සතියේ දී නාවික හමුදාවට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි.

පස්වැනි සතියේ දී ගුවන් හමුදාවට එරෙහිව පළමු තරගය ජය ගත් නාවික හමුදාව පසුගිය සතියේ දී යුද හමුදාවට එරෙහිව අවසන් තප්පර 50 තුළ දී උත්සාහක දිනුම් දෙකක් හා ප්‍රවර්තන දෙකක් වාර්තා කරමින් තියුණු ජයක් වාර්තා කළේ ශ්‍රී ලංකා රග්බිලෝලීන් මවිත කරමිනි.

තරග ගැන කවුරු අනාවැකි කිව්වත්, කවුද දන්නේ මොනවා වෙයි ද කියල? අපිත් ඉඳල බලමු අපරාජිතයින් පරාජය වේවි ද? නැත්නම් නවකයින්ට හොඳ පාඩම් හම්බ වෙයි ද කියලා!

තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<