WATCH – “කණ්ඩායම වෙනුවෙන් හොඳ ලකුණක් ලබාගන්න පුළුවන් වුනු එක ගැන මට සතුටුයි” – Angelo Mathews

2297

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (24) ගාල්ලේ දී නිමා වුනා. දිනයේ නිමාව සටහන් වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවනවා. දිනයේ නිමාවට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ මාධ්‍ය වෙත අදහස් පැවසුවා.