WATCH – පළමු තරගය ජයගැනීම ගොඩක් වටිනවා – Dasun Shanaka

703
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (31) Dambulla Aura සහ Galle Titans අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.  ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මේ තරගය ජය ගත්තේ Titans කණ්ඩායම විසිනුයි.
තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා සම්මානය දිනාගත් Titans නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.