ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (පෙබරවාරි 3) පල්ලේකැලේ හීදී පැවැති තුන්වෙනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 12ක ජයක් ලබා තරගාවලිය 2-1ක් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.

















