Video – රිච්මන්ඩ් හෙල්ලු තරගාරම්භක පිතිකරු සහ පන්දු යවන්නා, ධනංජය ලක්ෂාන් – Powerplay

1577

ගාල්ල ප්‍රදේශයේ අභිමානවත් පාසලක් වන රිච්මන්ඩ් විදුහලෙන් ක්‍රිකට් පිටියට දායාද වූ ධනංජය ලක්ෂාන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ තරගාරම්භක පිතිකරු ලෙස කටයුතු කරමින් දක්ෂතා ප්‍රකට කළේය. රිච්මන්ඩ් විදුහලේ හිටපු ආරම්භක පිතිකරු මෙන්ම පන්දු යවන්නා ලෙස සහ නායකත්වය භාරව කටයුතු කළ ඔහු නිමා වූ වෙළඳසේවා පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා ලෙස ද අභිෂේක ලැබීය. සිය පියාට විශේෂයෙන් ස්තුති කළ ඔහු Powerplay විශේෂාංගය හා සම්බන්ධ වූයේ මෙසේයි.