Video – 66 වසරකට පසුව මහා සංග්‍රාමය ජය ගැනීමට සැරසෙන – නාලන්දා විද්‍යාලය 2018/19 Preview

466

90 වැනි සුලෝහිත සංග්‍රාමයට සැරසෙන නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, මේ වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී පළමු වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. නාලන්දා විද්‍යාලය නවක ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා හොඳින් සූදානම් වූ අතර පෙර වසරට සාපේක්ෂව ඉතාමත් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ඔවුන් සමත් වී ඇත. මේ, ThePapare.com මහා සංග්‍රාමයට පෙර ඔවුන් ගැන තබන සටහනක්.

Photo Album : Nalanda College U19 Cricket Team Preview 2018/19