Video – එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා – අරවින්ද ද සිල්වා

6554
1984 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අරවින්ද ද සිල්වා දක්ෂ දකුණත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 308කට හා ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 15,645ක් රැස්කරගත් අරවින්ද වර්ෂ 1996 ලෝක කුසලානය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමද  නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ හා ඉටු කරමින් සිටින අරවින්ද කුඩා කාලයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසානය දක්වා කළ කී දෑ ඇතුළු සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ එකළොස්වන දිගහැරුම.