චමින්ද වාස්ගෙන් පසුව 2009 වසරේදී හිස්වූ ශ්‍රී ලංකා වමත් වේගපන්දු යවන්නාගේ ධූරය සඳහා නම් කිහිපයක්ම සලකා බැලුණු නමුත් දීර්ඝ කාලයක් පුරාවට එකලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළහැකි වමත් වේගපන්දු යවන්නෙකු සොයාගැනීම ශ්‍රී ලංකාවට මඳක් අපහසු වී ඇත. එහෙත් එහි මීළඟ පුරුක විය හැකි බිනුර ප්‍රනාන්දු, වයස අවුරුදු 20දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි – විස්ස තරග දෙකක් ක්‍රීඩා කළ අතර තම පළමු කඩුල්ල ලෙස ප්‍රවේගකාරී පාකිස්තානු පිතිකරු ෂහීඩ් අෆ්රිඩිව දවාගන්නා ලද්දේය. ඔහුගේ ක්‍රිකට් දිවියේ ආරම්භය, වර්තමානය සහ අනාගතය ගැන ThePapare.com හමුවේ ඔහු කළ කතාබහකි මේ.