අංජල බණ්ඩාර ලබා ගත් ශතකයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය (23) නිමාවන විට පළමුවෙන් පන්දුවට පහර දෙන CCC ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 278ක් ලබා සිටියා.
Bloomfield C & AC කණ්ඩායම සමඟින් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ Bloomfield C & AC කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC කණ්ඩායම දිනය අවසන් වන විට පන්දුවාර 86.0කට මුහුණ දී සිටියා.
Bloomfield C & AC කණ්ඩායම
මිනෙත් ප්‍රේමරත්න (නායක), අසිත වන්නිනායක, තරින්ද නිර්මාල්, තරිඳු හර්ෂණ (කඩුලු රකින්නා), හසිත අමරසිංහ, සවිඳු රොද්‍රිගෝ, පැතුම් රත්නායක, දුලාජ් සමුදිත, මිහිරංග සිල්වා, නිසල් අබේරත්න, පුලීශ තිලකරත්න.
CCC කණ්ඩායම
අංජල බණ්ඩාර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ සිතුමිණ, දුල්නිත් සිගේරා, පවන් සංදේශ්, පවන් රත්නායක, සහන් කෝසල, ඉනුක කරන්නාගොඩ, ඒශාන් විතානගේ, දුවිඳු රණතුංග, සෙත්රූ ප්‍රනාන්දු සහ හිරුෂ දෙව්මික.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC ඉනිම ආරම්භ කරන්නේ අරෝෂ සිතුමිණ සහ දුල්නිත් සිගේරා විසින්. ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමට හැකි වෙන්නේ නැහැ. ලකුණු 9ක් වෙද්දී දුල්නිත් සිගේරා (6) දැවී යනවා.
අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29ක දී ලකුණු 32ක සබඳතාවක් ගොඩ නැගීමට අරෝෂ සිතුමිණ සහ පවන් සංදේශ් සමත් වෙනවා. ඒ වෙද්දී අරෝෂ සිතුමිණ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යනවා.
පවන් සංදේශ් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43කට දැවී යන අතර ඊට අමතර ව පවන් රත්නායක ලකුණු 12කට ද සහ සහන් කෝසල ලකුණු 6කට ද දැවී යනවා.
ඒ වෙද්දී CCC ඉනිම කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 117ක් ලෙසයි.
- සොහාන් ද ලිවේරා ශතක සමාජයට
- බංග්ලාදේශය සුපිරි හතරේ පළමු ජය ලබයි
- CCC සහ Bloomfield අවසන් මහා සටනට
- පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට
- පවන් සහ අංජල ද්විත්ව ශතක සබඳතාවක
එතැන් සිට CCC ඉනිමේ ලකුණු ඉහළ දැමීමේ වගකීම නායක අංජල බණ්ඩාර සහ ඉනුක කරන්නාගොඩ සතු වුණා. ඔවුන් දෙදෙනා එක් ව එම වගකීම ඉටු කළේ පන්දු 327කට මුහුණ දෙමින් ලකුණු 160ක සබඳතාවක් 6 වැනි කඩුල්ලට එක් කරමිනුයි.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ CCC ඉනිමේ පළමු කඩුලු ද්විත්වය බිඳ හෙළූ මිහිරංග සිල්වා නැවත ක්‍රියාත්මක වීමත් සමඟිනුයි. ඉනුක කරන්නාගොඩ 6 වැනි කඩුල්ල ලෙසින් ඔහුට බිලි වෙද්දී පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා.
තරගය පළමු දිනයට නතර වෙද්දී අංජල බණ්ඩාර පන්දු 211කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 115ක් සහ එශාන් විතානගේ පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලකුණක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මිහිරංග සිල්වා ලකුණු 56කට කඩුලු 3ක් බිඳ හෙළමින් දිනයේ වැඩිම කඩුලුලාභීයා වූ අතර ඊට අමතර ව නිසල් අබේරත්න කඩුලු 2ක් ද සහ තරින්ද නිර්මාල් කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 278 (86.0) පවන් සංදේශ් 43, අංජල බණ්ඩාර නොදැවී 115, ඉනුක කරන්නාගොඩ 56, මිහිරංග සිල්වා 3/56, නිසල අබේරත්න 2/60
තරගය හෙට (24) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.