15න් පහළ අර්ධ අවසන් පූර්ව වටය සූදානම්

U 15 Inter Schools Cricket Tournament 2025

66
U 15 Inter Schools Cricket Tournament 2025

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ 1 වැනි සහ 2 වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 10 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

පළමු කොටස

කණ්ඩායම් 84ක් කාණ්ඩ 14ක් යටතේ තරග වැදුණ වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

අගෝස්තු 10

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ දී.
  • වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී.

අගෝස්තු 11 වැනිදා

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී.

අගෝස්තු 12 වැනිදා

  • කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී.
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය, මේ මස 11 වැනිදා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී

2 වැනි කොටස

වයස අවුරුදු 15න් පහළ 2 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා ද කණ්ඩායම් 84ක් කාණ්ඩ 14ක් යටතේ තරග වැදුණ අතර එහි අර්ධ අවසන් පූර්ව වටය සඳහා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය, හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය B කණ්ඩායම, නුගේගොඩ Lyceum ජාත්‍යන්තර පාසල, හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයීය B කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන

  • අගෝස්තු 10 වැනිදා

නුගේගොඩ Lyceum ජාත්‍යන්තර පාසල සහ කොළඹ රාජකීය විද්‍යාලයීය B කණ්ඩායම අතර තරගය කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී.

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය B කණ්ඩායම අතර පැවැත්වෙන තරගය හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය පිටියේ දී.

  • අගෝස්තු 12 වැනිදා

යාපනය හින්දු විද්‍යාලය සහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී.

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<