දෑතින්ම දඟපන්දු යවන නවක තරුව

2170

තරිඳු රත්නායක, නොහොත් “දෑතා” ක්රිකට් ක්රීඩාවේ ‘අ’ යනු ‘ආ’ යනු උගත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්යාලයෙනි. පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්යාලයට ඇතුළත් වූ තරිඳු 2017 නිමාවූ අන්තර් පළාත් 23න් පහළ ක්රිකට් තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත්විය. දැනට SSC කණ්ඩායම නියෝජනය කරන තරිඳුගේ බලාපොරොත්තුව ඉක්මනින් ජාතික කණ්ඩායමට පිවිසීමයි.