Video – ගෙවුණු දශක දෙකේ ටෙස්ට් නායකයින් ඉනිමකදී දක්වපු හොඳම දස්කම් – Sinhalen Cricket

804

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තිබ්බ පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගන්න කොදෙව්වන් සමත් වුනා. එම තරගයේ පළමු ඉනිමේ දී එංගලන්ත කඩුලු 6ක් ලකුණු 42ක් තුල දවා ගන්නට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත් වුනා. එය ගෙවී ගිය දශක දෙකක කාලය තුල පන්දු යවන්නෙක් නායකයෙක් ලෙස එක් ඉනිමකදී පෙන්වපු සිව්වැනි හොඳම දස්කමයි.

ඉතින් සිංහලෙන් ක්‍රිකට් වලින් අපි කතා කරන්න හදන්නේ එවැනි දස්කමක් දාට සිදුකර තිබෙන හොඳම ක්‍රීඩකයින් පස් දෙනා ගැන ඕගොල්ලන්ට කියන්නයි.